LNN SPY

ඩීල් කුමාරට දුක හිතිලා -විධායක අභාවෙන් යන්නම යයි….

තමන් කිසිදිනක මෛත්‍රීපාල සිරීසේන හා රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ ඇමතිකම් බලාපොරොත්තු නොවුනද නිකමට හෝ තමන්ට ජාතික ආණ්ඩුවට ආරාධනා කලයුතුව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානයක පවසා තිබේ.ඊයේ රනිල්- මෛත්‍රී ජාතික ආණ්ඩු අතිනත ගැනිමේ මගුල කා දෙවන මනමාලියන්ට හා මනමාලයන්ට ඇමති තැගි ප්‍රධානය කරන අවස්ථාවේ LNW වාර්තාකරු ගත් දුරකතන ඇමතුමට පිළිතුරු දෙමින් අනුර මේ බව පවසා තිබේ.

මෙම ඇමතිවරුන් පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද පූර්ණ එකඟත්වය මත සිදු කර ඇති බවත් රනිල් කියන්නේ එකක් කරන්නේ තව එකක් බවද අනුර පවසා තිබේ.තමන් ආපහු විධායක සභාව නියෝජනය කිරිමට සුදානමක් නොමැති බවද අනුර පවසා තිබේ.
ජනාධිපතිවරණ වේදීකාවේදී රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයින්ට දඬුවම් ලබා දෙන බවත් ගුවන් තොටුපොළෙන් පිටවිය නොහැකි ආකාරය වසා දමන බවටත් පැවසූ සිරිසේන යහපාලනය පිළිබඳවත්, කැබිනට් මණ්ඩලය සීමා කිරීම පිළිබඳවත්,  රාජපක්ෂ ආණ්ඩුවේ සිටී වංචාකාරයින්, දූෂිතයින් හට දඬුවම් ලබා දීමටත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත් ජනතාවගේ ජනවරම ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඒ සියල්ල පසෙකට දමා තම තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ගමනක නිරත වෙමින් සිටින බව මෙයින් මනාව තහවුරු කර තිබේ.
යහපාලනයේ දින 100න් දින 72ක් ගෙවී ගියත් ජනතා මුදල් කාබාසිනියා කළ, ජනතා මුදල් වංචා කළ රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුටත් මේ වනතෙක් දඬුවම් ලබා දීමට හෝ අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී තිබේ.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
Top