LNN SPY

මහින්ද යුධ අධිකරණයකට!

යුධ අපරාධ සිදු කල බව කියමින් හිටපු ජනාධිපති ඇතුළු රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සදහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.මහින්ද රාජපක්ෂ හොරෙකු බවට ඔප්පු කිරීම සදහා වත්මන් රජය ලහි ලහියේ කටයුතු කරනු ලබන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා දැයි දැන් නම් අපට හැගෙනු ඇත.

ඒ කොහොම නමුත් අප පසුගිය දිනවලදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ සමග සුහද කතා බහක යෙදුණ අතර එහිදී ඔහු අවධාරණය කලේද වත්මන් රජයට මහින්ද රාජපක්ෂ සහ රණවිරුවන් හේග් වලට ගෙන යෑම සදහා කුමන්ත්‍රණකාරිව කටයුතු කරන බවයි.

ඒ බව තව තවත් සනාථ කිරීම සදහා මෛත්‍රිපාල සිරිසේනගේ බළලා මල්ලෙන් එළියට පැනීම දැන් සිදුවී හමාරයි.ඔහු බිබිසි සංදේශය සමග සංවාදයකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ යුධ අපරාධ පරික්‍ෂණයක් දේශීය වශයෙන් සිදු කර වැරදිකරුවන්ට දේශීය අධිකරණයකින් දඬුවම්දීමට තමන් සූදානම් බවත් ඒ සම්බන්දයෙන් මසක් ඇතුලත විශේෂ පරීක්‍ෂණ කමිටුවක් පත් කරන බවයි.මේ සදහා ජාත්‍යන්තරයේ එකගතාවයද ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කලා.

කතා කල  යුතු  කාරණය එය නොවේ.එදා මහින්ද රාජපක්ෂද යුධ ගැටුම් පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයකට විරුද්ධ විය.ඔහු අවධාරණය කලේ ජාත්‍යන්තරය මේ ගැටළු වලට ඇගිලි ගැසීම සිදු නොකල යුතු අතරම දේශිය පරීක්ෂණයක් සදහා තමන් එකග බවයි.නමුත් එදා ඒ සදහා අනුමැතිය නොලැබුණු ජාත්‍යන්තරය දේශිය පරීක්ෂණයක් සදහා වත්මන් රජයට එකගතාවය පල කර ඇත්තේ කවර කාරණාවක් නිසාවත් නොව බටහිර අධිරාජ්‍යවාදින්ගේ තොයිලය සදහා මහින්ද රාජපක්ෂ සහ මෙරට රණවිරුවන් බිලි පූජාවක් වශයෙන් පූජා කිරීමටයි.       

විශේෂ ලියුම්කාරිනි 

සුමෙත්මා පෙරේරා විසිනි

Top