LNN SPY

අපි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිලිගන්නේ නෑ

ජනවාරි 8 වැනිදා ලැබු මෛත්‍රීජයග්‍රහණය රට බෙදිමේ දිශාවට රැගෙන යමින් සිටින බව දැන් දැන් එලිපිටම් පෙනෙන්නට තිබේ.ජනාධිපතිවරණය ආරම්භ විමත් සමග  ඉන්දිය රජයේ අනුග්‍රය යටතේ රෝ සංවිධානය හරහා මෛත්‍රී හවුලට රුපියල් කෝටි 3200ක් ලබාදිමේ සිට මේ දක්වා සිදුවන ක්‍රියාදාමයන් එය තහවුරුකර තිබේ.

ඊයේ පැවති 67 ජාතික නිදහස් උළෙලට සහභාගී වීම හරහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර් .සම්පන්ධන් සහ එම පක්ෂයේ මන්තී‍්‍ර එම්.ඒ සුමන්තිරම් යන ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇති නමුත් දෙමළ ජනතාවට යම් අසාධාරණයක් සිදු කර ඇති බව උතුරු පළාත් මහ ඇමති සී.වි විග්නේෂ්වරන් මන්ත්‍රිවරුන් දෙපලට චොදනා කර සිටි.

1972 වසරෙන් පසුව තම සන්ධානයේ කිසිඳු නියෝජිතයෙකු නිදහස් දින ජාතික උත්සවයකට සහභාගී නොවූයේ මෙරට ව්‍යවස්ථාව පිළිගත නොහැකි නිසාවෙන් බවයි විග්නේෂ්වරන් සදහන් කර ඇත්තේ.

ඒ අනුව ද්‍රවිධ ජාතික සන්ධානය මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට තර්ජනය කරමින් ඡන්දය භාවිතාකර ගනු ලැබුවේ එම පළාත් දෙක වෙන්කර පාලනය කිරිමට බව ඉහත ප්‍රකාශය හරහා මැනවින් පැහැදිලි වේ.ඉතා ඉකමනින්ම ඉන්දිය රජයේ කොලනිය බවට ශ්‍රි ලංකාව පත්කිරිම විග්නේෂ්වරන්ලාගේ එකම අරමුණ වන අතර ඒ හරහා කොටි ත්‍රස්තවාදීන්ට බෙදා වෙන් කිරිමට නොහැකිවු ශ්‍රි ලංකාව ඉන්දිය බලපෑම හරහා බෙදා වෙන්කිරිම එකම අරමුණ බව ඉතා පැහැදිලිය.

Top