LNN SPY

මායිම් ගම්මාන රකින්න සටන් කරුවන් කැදවයිද?

නැගෙනහිර පළාතේ මායිම් ගම්මාන මහජාතික ජනතාව විසින් සැලසුම් සහගතව ආක්‍රමණය කිරීමට උත්සහ දරණ බවත් දිවි හිමියෙන් එවා රැක ගැනිමේ වගකීම ඇත්තේ  දෙමළ ජනතාවට බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන් පසුගියදා  අම්බිලාන්තුරෙයි ප්‍රදේශයේ තරුණ තරුණියන් කැදවා පවසා ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

මායිම් ගම්මාන වල, සැලසුම් සහගතව සිදුකරන පදිංචි කිරීම් සහ ඉඩම් ආක්‍රමණය අඛණ්ඩව සිදුකිරීම හේතුවෙන්, එම කටයුතු නතර කරන ලෙසට ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අධිකරණයට ගොස් නඩු පවරා ඇති බවත් ඊටත් වඩා මායිම් ගම්මාන වල ජීවත්වීම පිළිබද මානසිකත්වයක් දෙමළ ජනතාවට තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් සටන් කිරිමට හැකිවිය යුතු බවද ඔහු එහිදි පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top