LNN SPY

මහින්දට එරෙහිව කුමන්ත්‍රණය කලෝත් කැරලි ගහනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීලඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා තල යුතු බවට පවසමින් මහනුවරදී පැවැති ජනරැළිය සඳහා සහභාගී වූ ශ‍්‍රිලනිප  මහජන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කලහෝත් මෛත්‍රීට එරෙහිව කැරැලී ගැසිමට සුදානම් බව මහින්දට සහය දක්වන ශ්‍රිලනිප මන්ත්‍රි කණ්ඩායමේ ප්‍රභලයෙකු සදහන් කළා.

රනිල් වික්‍රමසිංහට හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට අවශ්‍ය පරිදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරිමට මෛත්‍රී උත්සහ කරමින් සිටින බවත් එම කුමන්ත්‍රණයයට හා කුමන්ත්‍රණකාරීන්ට එරෙහිව කැරැලී ගැසිමට සුදානම් බවයි ඔහු සදහන් කළේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහය ලබාදෙන මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිමට ශ‍්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ මහලෙක්ම්වරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇති බව ඇමති රාජිත සේනාරත්න පසුගියදා පවසා සිටියා.

අස්කළ යුත්තේ කාවද?  පිළිබඳව නලින් ද සිල්වා තැබු සටහන  

පසුගිය 6 වැනි සිකුරාදා නුවර පවත්වන ලද රැස්වීමට සහභාගි වූ ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන්ට නිසි දඬුවම් දිය යුතු බව රාජිත සේනාරත්න පවසයි. ඔහුට අනුව අදාළ මන්ත්‍රීන් පක්‍ෂයෙන් අස්කළ හැකි ය. එහෙත් බේරුවල ශ්‍රී ල නි ප මහජන නියෝජිතයකු පවසා ඇත්තේ අස්කළ යුත්තේ රාජිත බව ය.

ඒ මහජන නියෝජිතයා පවසන්නේ ඇත්තකි. එක් පැත්තකින් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ල නි ප ශාඛා සමිතිවලට නිල වශයෙන් මධ්‍යම කාරක සභා තීරණය දන්වා නැත. ඔහු එය මාධ්‍යවලට නිකුත් කර ඇත. එහෙත් කිසිම පාක්‍ෂිකයකු ජනමාධ්‍යයෙහි පළවන දේ අනුව තීරණ ගන්නේ යැයි සිතිය නො හැකි ය. රජයේ ඇමතිවරයකු මෙන් ම මාධ්‍ය ප්‍රකාශක ද වූ යාපා මහතා ඒ බව නොදන්නේ යැයි සිතිය නො හැකි ය. මාධ්‍ය ප්‍රකාශක කී පමණින් මෙරට රාජ්‍ය දෙපාර්තමේන්තුවල කිසිවක් නො සිදුවෙයි. අදාළ චක්‍රලේඛ නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියකු මාධ්‍යවල පළවන කරුණු අනුව ක්‍රියාත්මක නොවන බව යාපා මහතා දැන සිටිය යුතු ය.

ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන්ට මධ්‍යම කාරක සභා තීරණය නිල වශයෙන් දන්වා නොමැති බව අපට පිළිගත හැකි ය. එසේ නම් නුවර රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන් කිසි වරදක් කර නැත. කිසි විනය නීතියක් කඩා නැත. එහෙත් මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න ආදීන් ගැන කිව හැක්කේ කුමක් ද?

ඔවුහු ශ්‍රී ල නි ප පක්‍ෂයේ ද ශ්‍රී ල නි ප නායකත්වය දැරූ සංධානයේ ද ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂට වැඩ කළෝ ද? මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂට විරුද්ධව වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ම තදබල වරදකි. රාජිත ආදීහු පක්‍ෂයේ හා සංධානයේ තීරණයට විරුද්ධව කටයුතු කළහ. ඔවුන්ට දුන් දඬුවම කුමක් ද?

ශ්‍රී ල නි ප  පක්‍ෂයේ නිවට නායකයන් කිහිප දෙනකු නොවන්නට මෛත්‍රිපාල රාජිත ආදීන් පක්‍ෂයෙන් අස්කළ යුතුව තිබිණි. ඔවුහු පක්‍ෂයට ද්‍රෝහි වූහ. එහෙත් පක්‍ෂයට ද්‍රෝහි වූවෝ අද පක්‍ෂයේ සභාපතිකම උපසභාපතිකම් දරති. එසේ උපසභාපතිකමක් දරණ රාජිත පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් කරන ලෙසට බලකරන රැස්වීමකට සහභාගි වූ පමණින් මහජන නියෝජිතයන් අස්කරන ලෙස ඉල්ලයි.

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප පක්‍ෂයට ද්‍රෝහි වී නැත. එ ජා පක්‍ෂයට ගොස් ආපසු පැමිණ පක්‍ෂයේ උප සභාපති වූ අය මෙන් කටයුතු කර ද නැත. එසේ නම් පක්‍ෂයට ද්‍රෝහි නොවු ද ඡන්ද පනස්අට ලක්‍ෂයක් ගත්තා වූ ද මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලන රැස්වීමකට මහජන නියෝජිතයන් සහභාගි වීම තහනම් කිරීමට ගත් තීරණය ම වැරදි ය.

අද මේ තීරණ ගන්නේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් යැයි රාජිත කියන්නේ ද? මේ තීරණ ගන්නේ යම් ආකාරයක බියක් මධ්‍යම කාරක සභා සාමාජිකයන් තුළ ඇති කිරීමෙනි. රාජිතලාගේ යහපාලනය එය විය හැකි ය. ශ්‍රී ල න ි පක්‍ෂය ද රට ද පක්‍ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනකුගේ හා පක්‍ෂයට ද්‍රෝහි වූවන් කිහිප දෙනකුගේ ආධිපත්‍යයට ගොදුරු වෙමින් පවතියි. එය දිගට ම කෙරී ගෙන ගියහොත් සිංහල ජාතිකත්වය ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත්වනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top