ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා ජී සේනාරත්න සිදුකල වගකිම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සම්බන්ධයෙන් අප මීට පෙරද අනාවරණයක් කර තිබුනි. ඇය වගකීම විරහිතව් කටයුතු කරනවා සේම ඇය යටතේ සිටින නිලධාරින් වගකිමෙන් කටයුතු කරනවාට දැඩි ලෙස විරුද්ධ වු අයෙකි.

කියවන්න – January 17, 2021 වැනිදා කල අනාවරණය – නිලධාරින්ට මැර තර්ජන, SLS නොමැති ප්‍රමිති අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුර රැක ගැනිමේ මෙහෙයුමක!

දැන් කතාව වෙනම එකකි. මේ වනවිට සමාජයේ අස්සක් මුල්ලක් නෑරම කතා කරනුයේ තෙල් ගැනය. ගමේ කඩේට එන පොඩි එවුන් පවා විස තෙල් අරික්කාලක් ඉල්ලන තැනට දැන් තෙල් ප්‍රශ්ණය ගමන් කර තිබේ.

ඇෆ්ලටෝක්සින් අඩංගු බවට වූ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් තොගවල සාම්පල දෙවන තත්ත්ව පරික්ෂණයෙනුත් අසමත්ව තිබේන බව සිද්ධිකා ජී පිලිගෙන තිබේ.ඇය මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් අතරින් 3කම පොල්තෙල් සාම්පල තුළ පිළිකා කාරක විෂ රසායනික අන්තර්ගත තහවුරු ව අවසන් බවයි. ඊට සමාගාමිව සජාත් මව්සූන්ගේ පිරමිඩ් විල්මා සමාගම Pyramid Wilmar සහ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම Ali Brothers යන සමාගම් තමන්ගේ තෙල් සම්බන්ධයෙන් කුප්‍රකට මාධ්‍ය හරහා ප්‍රකාශයන් නිකුත් කර ඇති අතර එම සමාගම් වලට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට එරෙහිව නීතියද බලාත්මක කර තිබේ.

විල්මා ෆාම් ඔයිල් නිෂ්පාදන ජාත්‍යන්තර සමාගමේ මෙරට නියෝජිතයා වන්නේ පිරමීඩ් විල්මා Pyramid Wilmar Pvt Ltd ආයතනය වන අතර එම සමාගමේ වෙළඳපොළ උපක්‍රම වන්නේ කිසියම් රටක දේශීය නිෂ්පාදකයින් විනාශ කර ඔවුන්ගේ නිෂ්පාදන එරට වෙළඳපළේ ප්‍රචලිත කිරීමයි.

විල්මා ජාත්‍යන්තර සමාගම සිංගප්පූරුව කේනද්‍ර කර ගනිමින් මේ වන විට ක්‍රියාත්මක වන නමුත් එහි මූලාරම්භය සනිටුහන් වන්නේ අසූව දශකයේ දී මැලේසියාවෙන් වන අතර එම සමාගමේ ඉන්දියානු නියෝජිතයා වන්නේ කුප්‍රකට අදානි සමාගමයි Adani Wilmar.

පිළිකාකාරක පොල්තෙල් ගෙන්විම පසුපස කුමන්ත්‍රණය?

පිළිකාකාරක පොල්තෙල් ගෙන්විම පසුපස කුමන්ත්‍රණය සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් විනාශ කිරිමද යන්න දැන් ගැටලුවක් මතුව තිබේ. විශේෂම හේතුව වන්නේ සීනි ගෙන්විම හරහා බිලියන ගණනින් ජනතාවගේ බදු මුදල් කොල්ල කෑ සමාගම් පමණක් ඉතුරු කර සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට අයත් සමාගම්වලට එරෙහිව ආණ්ඩුවේ කුප්‍රකට බලධාරීන් සටන දියත් කිරිම හරහාය.

සිද්ධිකා ජී වැඩ කරනුයේ නුෂාඩ් පෙරේරා යටතේය. SLS ආයතනය වර්තමානයේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයකි. සීනි බදු වංචාව සමාජගත විම හරහා නුෂාඩ් ගෙදර යැම වෙනුවට නතර වුයේ SLS ආයතනයේ සභාපති විමෙන් ය.

නුෂාඩ් පෙරේරා මීට වසර 10ත් 20 තත් අතර කාලයක් මැලේසියයානු සමාගමක සේවය කල අයෙකු වන අතර එම කාලය තුල සිටම මැලේසියාව ඉන්දුනීසියාව සහ සිංප්පූරුව වැනි රටල කුප්‍රකට ව්‍යාපාරිකයින් සමග සබඳතා පවත්වන අයෙකි. ඒ සදහා ඔහුට ඉඩ විවර වන්නේ අන්තවාදී ආගමික නිකායක් වන යෙහෝවා සාක්‍ෂිකරුවෝ නිකායේ Jehovah’s Witnesses ප්‍රභල සාමාජිකයෙක් විම නිසාය.

යෙහෝවා සාක්‍ෂිකරුවෝ දැඩි සිංහල බෞද්ධ විරෝධින් වන අතර ලංකා ඉතිහාසයේ අවස්ථා රැසකදිම යෝහාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් විවිධ අන්තවාදීන් ක්‍රියාවන් වාර්තා වි ඇති අතර කතෝලික ජනතාවද එම අන්තවාදීන් දැඩි ලෙස ප්‍රතිකේෂ්ප කරති.ශ්‍රි ලංකාව තුල සිංහල බෞද්ධ ව්‍යාපාර විනාශ කිරිම සදහා යෙහෝවා සාක්‍ෂිකරුවෝ ඔනෑම කණ්ඩායමක් සමග ඩිල් කිරිමට සුදානම් ය. මේ වනවිට ප්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේලාද යෙහෝවා සාක්‍ෂිකරුවන්ගේ ගෙවිම් යටතේ සිටිම කණගාටුදායකය.

අප Jehovah’s Witnesses හෙවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නැමැති අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් ජනවාරි 19 වැනිදා විශේෂ අනාවරණයක් කල අතර එම අනාවරණයද ඔබට කියවිමට හැක.

Born again පරදා Jehovah’s Witnesses ඉදිරියට! අනුගාමිකයන්ට ලේ ගැනීමත් තහනම් කරලා..

ඒ අනුව ලංකාවේ ජනතාවගේ තෙල් අවශ්‍යතාව සියයට දෙසීය ඉක්මවා යන සමයක ආරම්භයත් සමගම නුෂාඩ් මැලේසියානු කුප්‍රකට ව්‍යාපාරිකයින් සමග සම්බන්ධ වී මෙරට සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් අඩාල කිරීමේ සූක්ෂණම ප්‍රයත්නයත නිරත වී ඇති අතර එම කුමන්ත්‍රණය සදහා බිලියන ගණනින් බදු වංචා කල සමාගම් රැසක් නුෂාඩ්ට ඇති වෙන්න සලකා ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

එහි එක් පියවරක් ලෙස සාම්ප්‍රදායික සිංහල බෞද්ධ තෙල් ව්‍යාපාරිකයින් ඉලක්ක කර සූක්ෂම කුමන්ත්‍රණයක් දියත් කර ඇති අතර ඒ අනුව පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බවට ප්‍රචාරයක් සිදු කිරිමට කටයුතු කර ඇති අතර එම ප්‍රචාර හරහා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් ආනයනය කරන ලද පොල්තෙල්වල වෙනුවට මුස්ලිම් ව්‍යාපාරිකයන් ගෙන්වන තෙල් මිලදි ගැනිම සදහා සමාජය පොළඹවා තිබේ.

පසුගිය දිනක රාජපක්ෂලාගේ බයි-ලොජි ගුරුවරයාද හදිසියේම නුෂාඩ් පෙරේරා,නුෂාඩ් මොහොමඩ් ලෙස හැදින්විම පසුපසද ඇත්තේ එම කුමන්ත්‍රණයේ ගඳ,සුවද ඔහුටද දැනුන නිසා බව දැන් පැහැදිලිය.

දේශීය පොල්තෙල් සජාත් මව්සූන්ට අභියෝගයක් වන හැටි…

දේශීය පොල්තෙල් සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ විශාල ඉල්ලුමක් පවතින අතර පොල්තෙල් ටොන් එකක් ඩොලර් 2000ත් 2500 ත් අතර මිලකට අළෙවි වුවත් විල්මා සමාගමේ නිෂ්පාදිත තෙල් වර්ග ටොන් එකක් ජාත්‍යන්තර වෙළඳපළේදී අළෙවි වන්නේ ඩොලර් 1500 ක් වැනි මිලකටය. ඒ අනුව ගත් කලද දේශීය පොල්තෙල් සම්බන්ධයෙන් විල්මා සමාගමට බරපතල අභියෝගයක් ඇති බව නොරහසකි.

ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් තිබේන විවිධ වර්ගයේ ආගමික අන්තවාදයන් මේ වනවිට රටේ රාජ්‍ය පාලනයේ සිට ක්‍රිඩාව දක්වා ව්‍යාප්ත වි ඇති අතර ඒ හරහා එම ක්ෂේත්‍රයන්ට සිදුවන බලපෑම් රටේ ජනතාව අඩු වැඩි වශයෙන් විදිමින් සිටි.

Jehovah’s Witnesses මෙන්ම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) මෙරට ධනේෂ්වර පන්තිය සහ ප‍්‍රසිද්ධ චරිත තම අන්තවාදී ආගමට බඳවා ගන්නේ ඔවුන් හරහා ඉතා ඉක්මණින් එම ආගම රට පුරා ව්‍යාප්ත කිරීමටයි. මේ වනවිට Jehovah’s Witnesses අන්තවාදි කල්ලිය සහ Born again කල්ලිය අතර තරගයක් හටගෙන ඇති අතර ඒ හෙතුවෙන් රාජ්‍ය පාලනයටද අහිතකර බලපෑම් එල්ල වෙමින් තිබේන බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ. මෙම කණ්ඩායම් දෙකම රාජ්‍ය යාන්ත්‍රනයේ ඉහලම ක්ෂේත්‍ර වල තනතුරු හොබවන පාර්ශවයන් තදින්ම අනුගමනය කිරිම ඊට හේතුවයි.

JEHOVAH’S WITNESSES!!!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නැමැති අන්තවාදී සංවිධානය JEHOVAH’S WITNESSES ඔවුන්ගේ නීතිගත ඇමෙරිකානු සමාගම මාර්ගයෙන් තමන්ගේ ග්‍රහණයේ තබාගෙන සිටින සාමාජිකයන්ගේ ලංකාවේ දේපල ඉතාමත් සූක්ෂම ලෙස ඔවුන්ට පවරා ගැනීමක් කරන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඇමරිකාවේ පිහිටි WATCH TOWER SOCIETY නමැති පහත සඳහන් අමරිකානු මොවුන්ගේ නීතිගත සමාගම මොවුන්ගේ සාමාජිකයන්ගෙන් සම්මාදම් ලෙස ඉඩම් දේපල, බැංකු ගිණුම්, රක්ෂණ සහ විශ්‍රාම වැටුප්, ව්‍යාපාර කොටස් සහ බැඳුම්කර, අන්තිම කැමති පත්‍ර, විශ්වාස භාරයන් සහ මුදල් පවරා ගැනිමට කටයුතු කරමින් සිටි.

වහාම මෙම දේපල ඇමරිකාවේ මෙම සමාගමට ලියා ඇත්දැයි සොයා බලන්න මෙම සමාගමේ ලිපිනය පහත සඳහන් වේ. (මේ ගැන JW.ORG ඔවුන්ගේ වෙබ් අඩවිය සහ Google හි Donate TO JEHOVAH’S WITNESSES නමැති වෙබ් අඩවිය බලන්න.)

මෙම සංවිධානයේ ඇති භයානකම තත්ත්වය නම් සාමාජිකයන්ට ලේ ගැනීම තහනම් වේ (BLOOD TRANSFUSIONS PROHIBITED).මෙම සංවිධානයේ සාමාජිකයන් බොහෝ දෙනෙක් රෝගී පරික්ෂණ සදහා ලේ නොගැනීම නිසා මරණයට පත් වි තිබේන බවද අනාවරණය වි තිබේ.

මෙම සංවිධානයේ සාමාජිකයන්ගේ බාල අපචාර ඇතුළු සියලු නීති විරෝධී ක්‍රියා නීතිය හමුවට ඉදිරිපත් නොකරන අතර පිටරටවල මොවුන්ගේ ම සාමාජිකයන්ට බාල අපචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබෙන අතර මොවුන්ට වන්දි වශයෙන් ඩොලර් ලක්ෂ ගණන් ගෙවීමට සිදුව තිබේ.

California man accuses Jehovah’s Witnesses of covering up childhood sex abuse

දැනට කොරෝනා නීති රීති නිසා මොවුන්ගේ මොවුන් ගෙයින් ගෙට ගොස් ආගම දේශනා දේශනා නොකරන අතර දුරකථනයෙන් ආගම දේශනා කරමින් අන්‍යාගමිකරණය පවත්වාගෙන යන බවද අනාවරණය වි ඇත.

දැනටමත් මොවුන්ගේ සාමාජිකයන් කී දෙනෙක් තමන්ගේ දේපළ සහ ඉහත සඳහන් දෑ මෙම සමාගමට පරිත්‍යාග කොට ඇත්දැයි රජය සොයා බැලිය යුතු වන අතර ඉදිරියේදි දෙපළ පවරා දුන් ලැයිස්තුවක් අප විසින් ඉදිරිපත් කිරිමට කටයුතු කරනු ඇත.

අන්තවාදී ආගමික මධ්‍යස්ථානයේ ලංකාවේ ලිපිනය

THE WATCHTOWER, 711, STATION ROAD,WATTALA 113000.
දුරකථන අංකය 0112930444

ඇමරිකානු මූලස්ථානයේ ලිපිනය
THE WATCHTOWER BIBILE AND TRACT SOCIETY OF NEW YORK INC, WALLKILL 900,
RED MILLS ROAD,
WALLKILL NY,
12589 – 3299 UNITED STATES OF AMERICA.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගිල ගන්නා Born Again කල්ලිය.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ “බෝර්න් අගේන්” (Born Again)ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්තාව හිමි වන බව මේ වනවිට සැකයකින් තොරව ඔප්පු වි තිබේ.

“බෝර්න් අගේන්” යනු ක්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක්‍රියාත්මක වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

මේ වනවිට ‘‘බෝන් අගේන්’’ (“Born again”) ආගමේ පූජකවරුන්ගේ සැලසුම සාර්ථක වි ඇති අතර ඔවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වා කිහිප දෙනෙකු තම ආගම වෙත නතු කර ගැනිමට සමත්ව සිටි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන්(Born Again) කල්ලියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක(හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිළධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.මේ වනවිට මෙම පිරිස ක්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළදගත් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටිය බව ප්‍රසිද්ධ රහසකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප්‍රධානම සාමාජිකයන් බව තතු දත් ආරංච් මාර්ග සදහන් කරයි.මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන්(Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සාමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘ෆාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තක්කඩියා(ජෙරම් ප්‍රනාන්දු ) ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන්(Born Again)කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුල සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි.

අද වන විට සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්‍රබලය.ක්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කළ සැණින් එම ක්‍රීඩකයා එළියේය.

Top