LNN SPY

අවජාතක විවාහයෙන් උපදින අලුත් විපක්ෂය – TNA විපක්ෂ නායකත්වයට!

ඊයේ හදියේම ඇතිකරගත් ජාතික ආණ්ධු සංහිදියාව රනිල්- මෛත්‍රී අතර එකඟතාවයක් හේතුවෙන් නිසා නොව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඇති කරගත් එකඟතාවයක් හේතුවෙන් ඇතිකරගත් එකක් බවත් එහි එකම අරමුණ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය ද්‍රවිධ ජාතික සංධානය ප්‍රමුඛ දමිළ හා මුස්ලිම් අන්තවාදී දේශපාලන් පක්ෂ වලට හිමිකර දිම බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) සදහන් කරයි. 

ඊයේ හදිසියේ සිදුවු අතිනත ගැනිම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පුවත්පත් සහ වෙබ් අධවි රැසක් අනාවරණය කර තිබු ආකරයට නැගෙනහිර පළාතේ ද්‍රවිධ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ඇති කරගෙන තිබෙන එකඟතාව මෙන්ම පාර්ලිමේන්තුව තුලද එකඟතාවයක් ඉදිරි දින කිහිපය තුල ගොඩනැගෙනු ඇති බවත් ඒ හරහා විපක්ෂ නායක ධුරය ද්‍රවිධ ජාතික සන්ධානයට හිමිවනු ඇති බවත් වාර්තා කර තිබු බවයි.

 LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් සදහන් කළේ නැගෙනහිර පළාතේ බලය මුස්ලිම් කොංග්‍රසයට ලබාදිමේදි මෙම එකඟතාව ඇති කරගෙන තිබු බව තමිල්නාඩුවේ විකල්ප වෙබ් අධවි රැසක වාර්තා වි තතිබෙන බවයි.

මේ අතර ෆයිනෑන්ෂල් ටයිම්ස් මාධ්‍යවේදිනි දරීෂා බැස්ටියන්ස් BBC යට සදහන් කර තිබුනේ ආණ්ඩුවට එක් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරන්නේ කෙසේද යන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම ආණ්ඩුවේ සිටින මෙවන් අවස්ථාවකදී ප්‍රධාන විපක්ෂය බවට පත් වන්නේ දෙමළ ජාතික සන්ධානය නොවේදැයි යන්නයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top