LNN SPY

සිරිසේනට සහෝදරයා ගැන දුක් හිතෙයි-වහාම ලක්ෂ 30ක් පඩියක්!

මහින්ද රාජපක්ෂගේ පවුල් ගස ට එරෙහි ගොඩ නැගුණු ජන බලයට නිගා කරමින්, මෛත්‍රීපාල ජනාධිපති වරයා, සිය සහෝදරයා වන පී.ජී.කුමාරසිංහ ව ටෙලිකොම් සභාපති කිරිමෙන් නතර නොවු යහපාලක මෛත්‍රීපාල සිරිසේන රුපියල් 950,000 හිඟන වැටුපක් ලබන තමන්ගේ සහෝදරයා දෙස බලා සිටිමට නොහැකිව ඔහුගේ පඩිය 300%කින් වැඩිකිරිමට වහාම පියවර ගෙන තිබේ.

රාජ්‍ය දැව සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, Land Reclamation& Development Company Ltd. LRDC Services (Pvt) Ltd. හි අධ්‍යක්‍ෂ මෙන්ම අරලිය සමාගම් සමූහයේ මූල්‍ය උපදේශක යන තනතුරු දරා අම්බානකට වංචා හා දුෂණ කල අයෙකු වේ.

~~උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ් . කොම්~~

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති තනතුර දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයාට තුන් ගුණයක වැටුප් වැඩිවීමක් ලබාදීමට අද (01) දින පැවති ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.මෙතෙක් ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අයත් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ විෂයභාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා කටයුතු කරන අතර ඔහුගේ අනුදැනුම මත අධ්‍යක්ෂක මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

මේ අතර වාර්තා වන්නේ ටෙලිකොම් සභාපති තනතුරට අමතරව ටෙලිකොම් ආයතනය මගින් පාලනය වන මොබිටෙල් සමාගමේ ප්‍රධානියා ලෙස ද කුමාරසිරි සිරිසේන වැඩබලන අතර ඒ සඳහා ද ටෙලිකොම් සමාගමේ වැටුපට සමාන මුදලක් ලබාගන්නා බවයි.ඉහතින් දක්වා ඇත්තේ ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප පමණක් වන අතර ටෙලිකොම් ආයතනයෙන් සහ මොබිටෙල් ආයතනයෙන් ලබාගන්නා වෙනත් දීමනා සියල්ල සමග රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබාගනී.

ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් ටෙලිකොම්හි කොටස් හිමි මැලේසියාවේ මැක්සිස් සමාගම තදබල විරෝධය ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ පිළිතුර වී ඇත්තේ වැටුප් වැඩිකිරීම සිදු කළයුතු ම බවයි.

මෙවැනි අත්තනෝමතික තීරණ ගන්නේ නම් මැක්සිස් සමාගම ටෙලිකොම් ආයතනයේ තම කොටස් විකුණා දැමීමට සිදුවන බව එම සමාගම විසින් ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දන්වා ඇති අතර මැක්සිස් සමාගම තම කොටස් විකිණීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සොයා බලමින් තිබෙන බව ද වාර්තා වේ.

~උපුටා ගැන්ම අවසන්~`

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top