LNN SPY

රාජිතට එරෙහි ජිවිතාරක්ෂක කබා කොල්ලයේ සාක්ෂි වලදමයි!

ධීවරයන්ට ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දිම සදහා කටයුතු කරන බව පෙන්වමින් ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදු හිටපු ධීවර අමාත්‍ය වත්මන් යහපාලන සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න එම වංචාවට අදාල ලියකියවිලි සියල්ලම අස්ථානගත කර තිබෙන බව ධීවර අමාත්‍යංශ විශේෂ වාර්තාකරු සදහන් කළා.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න එහි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවර ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දෙසැම්බර් 29වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අනාවරණය කළා.

ධීවර ඇමැතිවරයා වශයෙන් පසුගිය ආණ්ඩු කාලයේ කටයුතු කළ වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ මේ වන තුරු පරීක්ෂණයක් පවත්වා නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පොළ මහතා චෝදනා කර සිටියා.

පොල්ගම්පොළ මහතා මෙම අදහස් පළ කෙළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (01) අදහස් දක්වමිනි.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමාගෙන් පැය දෙකහමාරක් ප්‍රශ්න කළ නමුත් එතැනින් එහාට පරීක්ෂණයක් සිදු නොවුණු බවත් පොල්ගම්පොළ මහතා කීවේය .

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දුරකතනයෙන් ඇමතූ නමුත් ප්‍රතිචාර නොදැක් වූ බව පැවසූ පොල්ගම්පොළ මහතා අද යළිත් පැමිණ කොමිෂන් සභාවේ ලේකම්වරයා හමු වූවත් ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් දීමට හෙතෙම අපොහොසත් වූ බවත් පැවසීය.

රාජිත සේනාරත්න ධීවර  ඇමැතිවරයාවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවරයන්ට මුහුදු ගමන්වලදි අවශ්‍ය වන ජීවිතාරක්ෂක කබා සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඒ සඳහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇති බවත් අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටය. ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696කට මේම කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අදාළ ආයතනයෙන් මේ ඉල්ලීම කර ඇතත් ඒ අවස්ථාවේ දි ද ආයතනය ප්‍රතික්ෂේප කොට තිබේ.

පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිත කරමින් චීනයෙන් ජීවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සඳහා අවශ්‍ය පැඩින් ලංකාවේ ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබී ඇත. මෙහි  දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද අනාවරණය වී ඇත.

මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල මහතා අවධාරණය කළේය. තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න විසින් චීන වෙළෙදුන්ට මෙරට මුහුදේ හොර රහසේ මාළු ඇල්ලීමට ඉඩ දුන් බවයි. හිටපු ආමාත්‍යවරයා විසින් සිදුකළ කෝටි 10කට අධික වංචාව පිළිබඳ ව තමා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පසුගිය 23 වෙනිදා සියලු සාක්ෂි සමග පැමිණිලි කළ බව හෙතෙම අවධාරණය කළේය.

මෙම තත්ත්වයෙන් පසු කැන්ගරු ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ගොඩකන්ද ආරච්චි මහතාට රාජිත සේනාරත්න ඇතුළු පිරිස විසින් මැර තර්ජන එල්ල කොට ඇති බවත් අනුරුද්ධ පොල්ගම්පොළ විසින් හෙළිදරව් කරන ලදි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top