Political

ඊළාම් මාතෘ භූමියේ හමුදා ස්මාරක බෑ

තිස් වසරක් පුරා උතුරු නැඟෙනහිර යුද ගිනි ඇවිළෙමින් තිබියදී 1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පැමිණියේ බෝම්බ සහිත යුද රථයක් පෙරටුකරගත් බුල්ඩෝසරයක නැගී ඒ අවදානම් අනතුරුදායී අවස්ථාවේ රට දැය ගැන දෙවරක් නොසිතා කිසිවකුගේ අණක් ලැබෙනතුරු නොසිට බෝම්බ රැගෙන කඩාපැන එදා අලිමංකඩ කඳවුර බේරාගත් හසලක ගාමිණි කුලරත්න රණවිරුවාට උපහාර පුද කරමින් ඉදිවුනු හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකයත් ඉවත් කිරිමට යහපාලන ආණ්ඩුව සුදානම් වන බව වාර්තා වේ.

තමන්ගේ ඊළාම් මාතෘ භූමියේ තමන් පරාජය වු ආකාරය දැක්වෙන සියලුම සමරු ස්මාරකයන් වහාම ගළවා ඉවත් කරන ලෙසට දෙමළ කොටි ඩයස්පොරාව යහපාලන ආණ්ඩුවෙන් කල ඉල්ලිමට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවති.
පසුගියදා පැපිලියානේ සුනේත‍්‍රාදේවී පිරිවෙනේ පවත්වන ලද සග සමුළුවක් අමතමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කියා සිටියේ අලිමංකඩ පිහිටුවා තිබෙන හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකයත් ඉවත් කරන්න හදනවා. තැටිය රත් වෙලා තිබෙන වෙලාවේ මේ රජය කරන්නේ රොටිය පුච්චන එක නෙවෙයි රට ජාතික පුව්චන එකයි. දැන් හිටු කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම දෙනවා. එහෙම දීලා මේ හදලා තිබෙන්නේ ජාතික රජයක් නෙවෙයි අල්ලස් රජයක්’ බවයි.
මෙම මෙහෙයුමේ එක් කොටසක් ලෙස පසුගිය 9 වැනිදා හසලක ගාමිණී රණවිරුවාගේ මව වන වයි. ජුලියට් මහත්මිය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට හදිසියේම ගෙන්වා මුදල් පරිත්‍යාගක් කර තිබෙන අතර ඒ හරහා ඇයට යම් අල්ලසක් ලබාදිමට කටයුතු කර තිබේ.
මේ අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ මෙම ස්මාරක ඉවත් කිරිම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හරහා විශේෂ මෙහෙයුමක් දියත්ව තිබෙන බවත් අහබු සිදුවිම් ලෙස මෙම ස්මාරක කඩා දැමිම මෙම කණ්ඩායමට භාරව තිබෙන බවයි.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
Top