LNN SPY

යහපාලන ආන්ඩුවේ එදා වේල ටුවර්ස් ආර්ථිකය……

දුප්පත්කම කියන්නේ ආදායම් අඩු කමය. ලෝකයේ දුප්පත් පවුල් හැසිරෙන ප්‍රදාන ක්‍රම දෙකක් ඇත. පලමුවන වර්ගය දියුණු වන්නට කැමති තම දූ දරුවන්ට සුබ අනාගතයක් සකස් කරන්නට උත්සාහ කරන පවුල්ය. දෙවන වර්ගය හම්බවෙන දෙයක් කා බී නාස්තිකරමින් තව තවත් පහලට වැටෙනවා මිසක් කිසි දිනක තම දරුවන්ගේ අනාගතය ගැනවත් නොසිතන පවුල්ය.

පලමු වර්ගයේ පවුලකට ලැබෙන ආදායම සුලු උනත් එයින් කොටසක් පමනක් එදිනෙදා වියදමට යොදාගන්නා අතර අමාරුවෙන් හෝ තම දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමට, ගෙයක් දොරක් තනා ගැනීමට, අනාගත සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් රක්ෂණ්යක් ගැනීමට ඉතුරු මුදල යොදා ගනී. ණයකට මුදලක් ගන්නේ පලක් ඇති වැඩකටය. කොහෙන් හෝ අමතර ආදායමක් ලබාගැනීමට අවස්තාවක් ඇත්දැය් විපරමෙන් පසුවෙන මෙම පවුලේ දෙමව්පියෝ පවුලට ආදරය කරනා දරුවන් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නට සුදානම් අයය්. පවුලේ ආරක්ෂාව ඔවුන්ගේ මූලික වගකීම ලෙස සලකන මේ අය අනාගතය පිලිබඳ සුබ වාදීව බලන අතර ත්  ආර්ථික අමාරුක්ම් කෙසේවුවත්   අභිමානයකින් යුතුව ජීවත් වන හැටි තම දරුවන්ට කියාදෙති.

දෙවන වර්ගයේ පවුල්වල දෙමාපියන්ට පවුල ගැන හෝ දරුවන් ගැන කිසිදු හැඟීමක් නැති අතර හම්බවෙන දෙයක් කා බී නාස්තිකරනවා හැර අනාගතය පිලිබඳ කිසිදු සැලස්මක් නැත. එදිනෙදා වියදම් වෙනුවෙන් ගිනි පොලියට ණය ගන්නා මොවුන් එවා ගෙවන ආකාරයක් කිසිවිටක නොසිතති. මේ ගන්නා ණය වල ප්‍රතිපලක් ලෙස තම දූ දරුවන්ට ඔවුන්ගේ ගේ දොරවල් පවා ණයකරුවන්ට සින්න වී පාරට බහින්න වන බව ඔවුහු මොහොතකටවත් කල්පනා නොකරනේ පවුල පිලිබඳ කිසිදු ආදරයක් හෝ වගකීමක් මෙවනි දෙමාපියන්තුල නැති බැවිනි. පරම්පරාවෙන් ලැබුන දෙපොලක් ඇතොත් එය විකුනාගෙන කෑම අනිවාර්‍යයෙන්ම කරන මොවුන් අනාගතය වෙනුවෙන් කිසිදු ආයොජනයක් නොකරති. හම්බවෙන දෙයක් වියදම් කරනවා මිස හෙට ගැන  නොසිතන මොවුන් තම ආදායම වැඩි කරගත හැකි ක්‍රමයක් කිසිවිටක කලපනා නොකරති. තමුන්ට කීයක් හරි දෙන කෙනෙකුට තම දරුවන්  හෝ පවා දෙන්නට උනත් පසුබට නොවන මොවුන්ට කිසිදු ආත්ම ගෞරවයක් නැති අතර මුදල් ඇති ඕනෑම කෙනෙකුට වන්දනා මාන කරන දීනයන් වීමට තම දරුවන්ටද උගන්වති.

තුන්වන ලෝකයේ රටවල ආන්ඩුද මෙම වර්ග දෙකට අයිතිය. 2015 ජනවාරි 8 වනතුරු අපට තිබුනේ දුප්පත්කමින් අප ගොඩගන්නට උත්සහ කරන, රටට ආදරය කරන, රටේ දරුවන්ට අභිමානයකින් යුතුව ලෝකයට මුහුන දෙන්නට ම්ංපෙත් සකස් කරමින් සිටි,  ගත් ණයක් ඇත්නම් එය රටේ සංවර්දනයට යෙදවූ රාජපක්ෂ රජයය්. ජනවාරී 9 සිට මෛත්‍රිපාල , රනිල් චන්ද්‍රිකා තුන් කට්ටුව සමඟ  අපට ලැබී ඇත්තේ දෙවන වර්ගයෙ ආන්ඩුවකි. අනාගතය පිලිබඳ කිසිදු සලැස්මක් නැති, රට ගැන ආදරයක් නැති, ඉතුරුවී තිබෙන  දෙයක් හෝ අලුතින් හම්බ වෙන දෙයක් එදිනෙදා කා බී නාස්ති කිරීමට පමනක් යොදවන, හතර අතේ ණය වෙමින් අනාගත පරපුර උගස් තියන, පැවැත්ම වෙනුවෙන් රටෙන් කොටසක් හෝ පාවදීමට කිසිවිටෙක් පසුබට නොවන, මේ රටේ පුරවැසියන්ගේ ජාතික අභිමානය හෑල්ලුවට ලක් කරන දීන පරගැති ආන්ඩුවකි.

පසුගිය මාස දෙකට පමනක් මෙම වසල රජය එදා වේල කෑම සඳහා ගත් ණය ප්‍රමානය රුපියල්  261,000,000,000 කි  ඊයේ පාර්ලිමෙන්තුවෙන් ඉල්ලූවේ   රාජ්‍ය සෙවකයන්ගෙ පඩිගෙවිමට තවත් රුපියල් 400,000,000,000 ණයට ගනීමට අවසරය. මේ අනුව දින 91ක් තුල රනිල් හා රවී එදා වේල කෑමට ලබාගත් ණය ප්‍රමානය රුපියල්  කෝටි 66කි. මේ දින 91 ට පමනක් මේ රටේ ජීවත්වන හැම පුරවැසියෙකුම රුපියල් 33,000 කින් ණයකරුවෙක් කර ඇත.  මේ අතර මහ බැංකුවේ සිටින හොරගෙඩියා අර්ජුන මහෙන්ද්‍රන්, රනිල් හා රවීගෙ උපදෙස් පිට ලෝක වෙළඳ පොලෙන් හෙට අනිද්දා ඩොලර් බිලියන් 1.5 හෙවත් රුපියල් 195,000,000,000  මහ බැංකු බැඳුම්කර හරහා ණයට ගැනීමට සූදානම් වෙමින් සිටිය්. රට ණය කරනවාට අමතරව ඒ හරහා සිදුවෙන මහා පරිමාන දූෂනය අර්ජුන මහෙන්ද්‍රගේ කෙරුවාව දැනටමත් දන්නා අපට දැන්ම සිතා ගන්නට පුලුවන.

යහපාලන රජය මේ කරන විනාසය පිලිබඳ මහජනතාව දැනුවත් කර එය වැලක්වීමට කටයුතු කිරීම මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් විරුද්ද පක්ෂ දෙශපාලකයන්ට ඇති වගකීමකි. එ නිසා මාර්තු 7දා පාර්ලිමේතුවෙදී රවීගේ  රුපියල් 400,000,000,000 භාන්ඩාගාර බිල්පත් පනත පරාජය කල මන්ත්‍රීවරුන් 52 නාට රට වෙනුවෙන් අපි ස්තූති කරමු.

~~විශේෂ ලියුම්කරු~~



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top