All

උන් හිතගෙන ඉන්නේ ආණ්ඩුව උන්ගේ කියලා

මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රභලයෙකු වන ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය  අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා තමන් කැමති පිරිස් තනතුරු සදහා පත්කර ගැනිමට එක්සත් ජාතික පක්ෂයේ බලපෑම් හෙතුවෙන් නොහැකිවිම ගැන කණගාටුවෙන් සහ දැඩි කොපයෙන් සිටින බව අමාත්‍යංශ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.සී-නෝර් පදනමට  තමන්ගේ අයෙකු ප්‍රධානියා ලෙස පත්කිරිමට රාජිත් සුදානම් වුවද එක්සත් ජාතික පක්ෂය මැදිහත්වි එම තනතුරු සදහා වෙනත් අයෙකු පත් කිරිම සමග මෙම අර්බුදය හටගෙන තිබේ.

“එක්සත් ජාතික පක්ෂය හිතාගෙන ඉන්නේ මේ දින 100 ආණ්ඩුව උන්ගේ කියලා.” අපි බලමුකො දින 100ට පස්සේ මොකද වෙන්නේ කියලා…..කියාගෙන ඇමතිතුමා යන්න ගිය බව අමාත්‍යාංශයේ සිටි අයෙකුගේ කණටම ඇහුනලු.

Top