LNN SPY

කොතන ගියත් නිදි සිරාට නියෝජ්‍ය අගමැති කමක්!

මහා මැතිවරණයෙන් පසුව පිහිටුවනු ලබන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අලුතින් ඇති කරනු ලබන නියෝජ්‍ය අගමැති ධුරය මෛත්‍රීපාලනය සහ රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යෑම වෙනුවෙන් නිමල් සිරිපාලද සිල්වා නොහොත් කොතන ගියත් නිදන සිරිපාලට ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදි තිබෙන බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

එම ඩීල් අක දුරකතන හරහා සිදුකිරිම බාරගෙන ඇත්තේ කවදත් ඩීල් ගැසිමේ දක්ෂයෙකු බව තමන් විසින්ම කියා ගන්නා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතාය.ඒ අනුව තමන්ද තවමත් නියම ශ්‍රි ලංකා කරයෙකු බවත් අවස්ථාව එනතුරු බලා සිටිම තමන්ගේ පුරුද්ද බවත් ඒ නිසා මේ අවස්ථාවේ කෙසේ හෝ නැවත රනිල් වික්‍රමසිංහ අගමැති කරවිමට සහය දක්වන ලෙසට නිමල් සිරිපාලගෙන් මංගල ඉල්ලිමක්ද කර තිබේ.

“ජනාධිපතිවරණයෙන් පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි (මෛත්‍රී,රනිල්,චන්ද්‍රිකා)ඕනේ කියලා ප්‍රධාන පක්ෂ අපි මේ වෙන කොට එකඟවෙලා …ඒ මැතිවරණයේදී තීන්දු වෙන්නේ අගමැති වෙන්නේ කව්ද නියෝජ්‍ය අගමැති වෙන්නේ කව්ද කියන එක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වී පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට බලතල ලැබෙන මේ නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂයට අගමැතිධූරය ලැබෙන අතර ඊලඟට මන්ත්‍රී ධූර ලබා ගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැති ධූරය ලැබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකත් ඒ ආණ්ඩුවට එකතු වන අනෙකුත් පක්ෂත් එකතු වෙලා අවම වශයෙන් වසර 2 ක්ද උපරිම වශයෙන් වසර 5 ක්ද ලෙස ඒ ජාතික සමගි රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා…” මංගල මේ දිනවල කියමින් යන්නේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top