Political

යහපාලනයේ දඩයම් මන්දිරයේ- දඩයම් කුමාරිහාමි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂවරිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොවන්නේ නම් අවුරුදු කන්න දී ඊට පසුව කරන්නේ කුමක්දැයි තීරණය කරන බවත්, රාවණා බලය සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂවරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සංදේශයක් බාරදීමට රාවණා බලය සංවිධානයේ භික්ෂූන් පිරිසක් අද එම කොමිසම වෙත පැමිණි අතර අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව කියා සිටියේය.

එතුමිය ආයතන 2ක වැඩ කරමින් පඩි ලබා ගත් තැනැත්තියක් බව කියැවෙන නිසා අන් අයට දඬුවම් කිරීමට පෙර ඇය, ඇය සම්බන්ධ පරීක්ෂණයට මුහුණදී සෙසු පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ පෙන්වාදුන්නේය.

අල්ලස් කොමිසම දේශපාලනඥයින්ට යටවී ඇති බවත්, රෑට දේශපාලනඥයින් කියන දේවල් පහුවදා උදේට අල්ලස් කොමිසමේ ක්‍රියාත්මක වන බවත්, හොරුන් දඬුවම් කරන්න කලින් අල්ලස් කොමිසම පිරිසිදු විය යුතු බවත්, සද්ධාතිස්ස හිමියන් එහිදී වැඩිදුරටත් පැවසීය.

අනතුරුව රාවණා බලය සංවිධානයේ භික්ෂුන් විසින් අල්ලස් කොමිසමේ තාප්පයේ පෝස්ටරයක් ඇලවූ අතර එහි යහපාලනයේ දඩයම් මන්දිරය ලෙස සඳහන් වී තිබිණ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top