LNN SPY

පචහිල…..ආවද ආපහු රට කන්න…… කුරුණෑගලදි චන්ද්‍රිකාට අමතක නොවන පාඩමක්!

මහින්ද රැල්ලට එරෙහිව රට වටා යන චන්ද්‍රිකා රැල්ලට කුරුණෑගල ජනතාව කුණුහරුපයෙන් බැන වැදී හූ කියමින් ඇයට අප්‍රසාදය පලකර ඇති අතර කොපයට පත්වු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපති මෛත්‍රීපාල සිරිසේනට අම්මා මතක් කරමින් බැණ වැදි එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ කුරුණෑගල රැස්වීමට  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගි වි ඇති අතර රැස්විම ආරම්භ කිරිමටවත් ඉඩ නොතබා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්,ප්‍රාදේශිය නායකයින් චන්ද්‍රිකාට සිය අප්‍රසාදය පලකර තිබේ.එයද නොතකා දිගටම රැස්විමේ රැදි සිටිමට චන්ද්‍රිකා සුදානම් වි මොහොතේ පාක්ෂිකයින් නොසන්සුන් වු අතර……

පචහිල…..ආවද ආපහු රට කන්න……පක්ෂය විකුණුවා මදිවට රටත් විකුණන්න හදන….වේ……අම්මණ්ඩි….. යනුවෙන් කෑ ගසමින් විරෝධය පලකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේදී ඇරඹීමට පෙර චිරාගත පොල්තෙල් පහන දල්වන ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ඇරයුම් කරමින් නිවේදකයා ඇගේ නම කියද්දී හූ හඬ පැතිර ගියේය.

රැස්වීම පැය තුනක් පමණ පැවතියේය. රැස්වීම අවසානයේ කුමාරතුංග මහත්මිය නික්ම යද්දීත් යළි හූ හඬ පැතිර ගියේය.

ඇය එළියට එද්දී ඇය වටකරගත් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී පිරිසක් ඇයට තදබල ලෙස දොස් නැගූහ.

‘අපේ නියම නායකයා මහින්ද රාජපක්ෂ ඔබ යන යන තැන ඔහුට බනිනවා. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවා. කඩනවා. විශ්‍රාම ගියා නම් පක්ෂය වනසන් නැතිව ගෙදරට වෙලා ඉන්න‘ යනුවෙන් ඔවුහු කියන්නට වූහ.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top