LNN SPY

රනිල් එලවන්න රාජිත සටන අරඹයි- ඊළග අගමැති මමයි රාජිත!

කවදත් එක්සත් ජාතික පක්ෂය සමග බද්ධ වෛරයෙන් පසුව මංගල ප්‍රමුඛ කණ්ඩායම යලිත් එක්සත් ජාතික පක්ෂය නායකත්වයට එරෙහිව රහසිගත අරගලයක් ආරම්භ කර තිබෙන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුලම  යහපාලනය ගැන කලකිරිමෙන් සිටින බවට මාධ්‍ය ප්‍රචාර යැවු රාජිත සේනාරත්න රනිල් එම පුටුවෙන් පන්නා අගමැති විමට සිහින දකිම්න් සිටින අතර ඒ සදහා රාජිත් කවදත් අලියාට විරුද්ධ මංගල අල්ලාගෙන තිබේ.

තමන්ද මහබැංකුවේ අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කලකිරීමකට ලක්ව ඇති බවත් ඒ සදහා සම්පූර්ණයෙන් අගමැතිවරයා වගකිව යුතු බවද පවසමින් පසුගියදා තමන්ගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම අරඹා තිබේ.

ඒ අනුව මංගලගේ වෙබ් මාෆියාකරුවා වන රුවන් ෆර්නැන්ඩස් හමුවු රාජිත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝනාවක් ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට රුවන්ගේම වෙබ් අඩවිය වන ‘ශ්‍රී ලංකා මිරර්’ හී පලකරගෙන තිබේ.

එම පුවතට අග්‍රාමාත්‍යවරයා දක්වන ප්‍රතිචාර අනුව ඊළග පියවර ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරිමට සුදානම් බවද රාජිත පවසා තිබේ. තමන්ට ශ්‍රිලනිපයේ බහුතරයකගේ කැමැත්ත තිබෙන බවත් ඒ නිසා කෙසේ හෝ රනිල් ඉවත් කළහොත්තමන්ට ඉතා පහසුවෙන් එම තනතුරට පැමිණිය හැකි බවද පෙන්වා දි තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය මාසයේදී සිදුකෙරුණු 30 අවුරුදු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සිදුවූවා යැයි පවසන අක්‍රමිකතා පදනම් කරගනිමින් මෙම විශ්වාස භංගය ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සාකච්ජා පවත්වා ඇති බවයි එම පුවත හරහා වාර්තා කර තිබුනේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට දායකයකු වූ ආණ්ඩුවේ ඇමතිවරයකු අගමැති කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ විශ්වාස භංග යෝජනාවක් ගෙනඒමේ රහසි ගත සැලසුමක් ක්‍රියාත්මක වන බවද එම පුවත හරහා දක්වා තිබුනා.

මේ අතර එම මෙහෙයුම සදහා ජනතා විමුක්ති පෙරමුණේ සහය අවශ්‍ය බවත් ඒ සදහා අනුර කුමාර දිසානායක සමග අද සාකච්ඡා කිරිමටද මෙම කණ්ඩායම සුදානමින් සිටින බව අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top