LNN SPY

සිරිසේන විජාතික පක්කිලියෙක්

කවර ආකාරයේ තහංචි පැනවුවද 6 වැනිදා මහනුවර පැවැත්වෙන “දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළගැසෙමු” යන රැළියට තමන් ලබාදිය හැකි සෑම සහයොගයක් මෙන්ම සහභාගි විම නතර නොකරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි මන්ත්‍රිවරුන් රැසක් අවධාරණය කර තිබේ.

ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනත් පක්‍ෂ සංවිධානය කරන රැස්වීම්වලට සහභාගි නොවන ලෙසටත් තම පෞද්ගලික මත ප්‍රචාරය සඳහා මාධ්‍ය සාකච්ඡා නොපවත්වන ලෙසටත් වාරණයක් පැනවිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා මෙම මන්ත්‍රිවරුන් පිරිස මුණ ගැසුණු බව අප සමග කතාකල මන්ත්‍රිවරයා කියා සිටියා.

රට බල්ලට ගියත් බලයේ ඉන්න පමණක් කෑදර රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන කුමන කුමන්ත්‍රණයක් දියත් කලද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග එම කුමන්ත්‍රණයන්ට සාර්ථකව මුහුණ දෙන බවයි ඔහු සදහන් කළේ.

“අද ශ්‍රිලනිප නායකත්වය ඩැහැ ගෙන තියෙන්නෙ ශ්‍රිලනිපට විරුද්ධව එජාප ටිඑන්ඒ, මුකෝ හවුලෙන් ඡන්දෙ ඉල්ලලා දිනපු ජනාධිපති සිරිසේනයි. සිරිසේන ආදරේ  එයා දිනවපු අයටයි, ශ්‍රිලනිප අයට නෙවෙයි. සිරිසේන ශ්‍රිලනිප මත පටවන්න හදන්නෙ ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගෙ මතය නොවෙයි. ඇත්තටම සිරිසේන විජාතික පක්කිලියෙක් වෙලා ඉවරයි. එයාට බැහැ එයාට චන්දෙ නොදීපු අයගෙ මත වලට ගරු කරන්න. ඒ  යතාර්ථය අද ශ්‍රිලනි පාක්‍ෂිකයන් සහ අද ශ්‍රිලනිප මුල් ප්‍රතිපත්ති වලට ගරු කරන අය පිළිගන්න ඔනෑ”

“ලංකාවෙ දේශපාලන පක්‍ෂ වල සාමාජිකයෝ  වෙලා ඉන්නෙ ඉතාම ටික දෙනයි. අපි වගේ  වැඩි දෙනෙකුට පක්‍ෂක් නැහැ. ඒ  කියන්නෙ චන්ද දායකයන්ගෙන් බහුතරයට වැදගත් වෙන්නෙ පක්‍ෂය නෙවෙයි ප්‍රතිපත්තියි. තමන්ගෙ අදහස් වලට ගැලපෙන පක්‍ෂෙකට චන්දෙ දෙන එකයි අද බහුතරය කරන්නෙ. නමුත් පරම්පරා වෙන් පක්‍ෂ බදාගන ඉන්න හරක් වගේ  අයත් ඉන්නවා.”

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top