LNN SPY

යලිත් ඊළාම් බැංකු උතුරේ ඇරේ

උතුරේ ග්‍රාමිය ප්‍රදේශ දෙකක යලිත් ඊළාම් බැංකු දෙකක් ආරම්භ කර තිබෙන බව උතුරේ LNW විශේෂ වාර්තාකරු   සදහන් කළා. ඊළාම් ග්‍රාමීය අභිවෘද්ධි බැංකුව ලෙස එය නම්කර  තිබෙන අතර පුදුකුඩිරිප්පු  හා පලෙයි  යන ප්‍රදේශ වල මෙම බැංකු ස්ථාපනය කර තිබෙන බවයි ඔහු සදහන් කළේ. 

මිට පෙර කොටි ත්‍රස්තවාදීන් උතුරේ පාලනය මෙහෙයවන සමයේද Tamil Eelam Bank පවත්වාගෙන ගිය අතර ඒ ආකාරයටම  නීතී විරෝධී අකාරයට මෙම බැංකුද පවත්වාගෙන යන බවයි අප වාර්තාකරු සදහන් කලේ. 

සාමාන්‍යයෙන් පිළිගත් රජයේ වාණිජ බැංකු සම්ප්‍රදාය අභිබවා යමින් එල්ටීටීඊය සිය පාලනය යටතේ පැවතී ප්‍රදේශ තුළ “ඊලාම් බැංකු” නමින් බැංකු පද්ධතියක් ප්‍රභාකරන්ගේ පාලනය යටතේ ව්‍යාප්ත කර තිබු අතර එම බැංකු පද්ධතිය හරහා විවිධ බලහත්කාරකම් හා ත්‍රස්තවාදී කටයුතු තුලින් මෙරට තුලදී උපයන මුදල් නොයෙකුත් කටයුතු සඳහා යොදවන ලදී. තවදුරටත් ඔවුන්ගේ ග්‍රහණයේ තිබු ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ තැන්පත් භාර ගැනීම, රන් භාණ්ඩ උකස් ගැනීම වැනි බැංකු මුල්‍ය අවශ්‍යතාද බලහත්කාරයෙන් සපුරාලීමද මේ යටතේ සිදුවිය. ත්‍රස්ත ග්‍රහණයේ සිටි පිරිස්ද තමන්ට වෙනත් විකල්පයක් නොමැති නිසාවෙන් ඊලාම් බැංකු මගින් සිය අවශ්‍යතා සපුරාගන්නා ලදී.

මේ අතර දින 90ක් තුල උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ලබාදිමට කටයුතු කළ යුතු බවට යොජනාවක්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙන බව ඉන්දිය අභ්‍යන්තර තොරතුරු අනාවරණය කර ඇති බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan)පසුගියදා සදහන් කළා. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top