LNN SPY

වටෙම යන කොටි ලංකාවේ කරක් ගහයි!

මහලේකම් බෑන්කී මුන් යටතේ කටයුතු කරන  එක්‌සත් ජාතීන්ගේ ප්‍රධානතම දේශපාලන නිලධාරියකු වන ජෙෆ්රි පෙල්ට්‌මන් (Jeffrey D. Feltman) යාපනයේ සංචාරයක නිරතවිමට නියමිත බව එක්‌සත් ජාතීන්ගේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම සංචාරයෙදි රාජ්‍ය බලධාරීන්, දේශපාලන පක්‍ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන හමුවී සාකච්ඡා කිරිමට නියමිතව ඇති අතර ඔහු සොයාගන්නා කරුණු ඇතුළත් වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන්කී මූන් මහතාට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජෙෆ්රි පෙල්ට්‌මන් යනු කැනඩාවේ කොටි ත්‍රස්ත්‍රවාදින් සමග සමිප සම්බන්ධකම් පවත්වන අයෙකු වන අතර අවස්ථා ගණනාවකදි කැනඩාවේ පැවති කොටි ඩයස්පොරාවේ රැස්විම් කිහිපයකටද ඔහු සහභාගි වි තිබේ.සකස් කරනු ලබන වාර්තාව කුමණ පදනමකින් සකස් කරන්නේද යන්න තවමත් අනාවරණය වි නෑ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top