LNN SPY

යෝෂිත කොටු කරන්න දැල එලයි!

2012 වසරේ මැයි මස 17 වන දින නාරාහේන්පිට උද්‍යාන මාවතේ දි අභිරහස් අන්දමින් සිය මොටර් රථය තුලම ගිනි ගෙන දැවි ගිය වෂීඩ් තාජුඩීන්ගේ නමැති 28 හැවිරිදි රගර් ක‍්‍රීඩකයාගේ මරණය සැක සහිත බවත් ඒ සදහා  යෝෂිත රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කිරිමට යහපාලකයෝ පොරකමින් සිටින බව අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව හදිසියේම යහපාලක ගිරවා වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හදිස්සියේ  මාධ්‍ය හමුවක් කැදවා  පවසා සිටියේ ආන්දෝලනයට තුඩුදුන් දක්ෂ රගර් ක්‍රිඩකයෙකු වූ  වෂීඩ් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොවන බව තහවුරු වී ඇති බවයි.

වෂීඩ් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වන යසාරා අබේනායකගේ හිටපු පෙම්වතා බවත්  මෙම අනතුර සිදුවූ රාත්‍රියේදී ඔවුන් දෙදෙනා එක්තරා සමාජ ශාලාවකදී හමුවී ඇති අතර ඒ අතර තුර යෝෂිත රාජපක්ෂද එම ස්ථානයට පැමිණ ඇත. එහිදී වෂීඩ් තාජුඩීන් සමග බහින් බස්වීමක් ඇතිවී තිබේන බව වෂීඩ් තාජුඩීන්ගේ මිත්‍රයෙකු සදහන් කළ බව පවසමින් මෙම පරික්ෂණ මෙහෙයවිමට සුදානමින් සිටි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ම රග්බි ක‍්‍රීඩාවට පිවිසි ,2009 වසරේ දී හැව්ලොක්ස් කණ්ඩායමට නායකත්වය දී ඇති තජුඞීන් වසර කිහිපයක් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රිඩකයෙකු වන වෂීඩ් තාජුඩීන් මහතාගේ මරණය  එවකට  සම්පූර්ණයෙන්ම  යටපත් කිරීමට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කටයුතු කළ බවට චොදනාද එල්ල වි තිබුනා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top