LNN SPY

මෛත්‍රීපාලට තොන්ඩුව දැමු නරේන්ද්‍ර මෝදි ගැසු මෙගා ඩීල් එක!

පසුගිය ජනාධිපතිවරණයේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරිමට බෙදුම්වාදීන්ගෙන් ඡන්ද ලබාදි මෛත්‍රීපාල වැනි රූකඩයෙකු රටේ පාලනයට පත්කර ගත්තේ ඉන්දියාවේ කැමැත්තට නටන්නට බව අප මුලසිටම අනාවරණය කර සිටියා.තමන් රටේ රූකඩ පාලකයෙකු කිරිමට සහය දුන් බෙදුම්වාදී රටවල සහය අනුව වන්දනාවේ ගිය මෛත්‍රී පලමුව ඉන්දියාවටත්,දෙවනුව බ්‍රිතාන්‍යයටත් ගොස් භාරය ඔප්පු කළ අතර ඊළග අමෙරිකාව බලා යැමට සුදානමින් සිටි.

මේ අතර පසුගියදා රටේ වන්දනාමාන කරන්නට මෙන් පැමිණි මෝදි මෛත්‍රීපාල සමග මෙගා ඩීල් එකක් ගසා තිබෙන බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කර සිටි.

ඒ ඉන්දිය හිටපු අග්‍රාමාත්‍ය අචාර්‍ය මනමොහන් සිං මහතාගේ යටතේ මෙරට ඉදිකිරිමට අනුමත වි තිබේන නමුත් රුපියල් මිලියන 639.5 ක් ගෙවීමට තිබිම හේතුවෙන් හිටපු රජය නතරකර දැමු ක්‍රිෂ් ව්‍යාපෘතිය එම ඉතිරි මුදල නොගෙවා ආරම්භ කිරිමට සහ එම ව්‍යාපෘතිය වත්මන් අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි යටතට පත්කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමයි.

B O I ව්‍යාපෘතියක් ලෙසින් නම් කරන ලද Krrish Square  ඒ සඳහා වසර 10 ක සම්පූර්ණ බදු නිදහසක්ද තවත් වසර 15 ක් සඳහා 6% පමණක් අය කිරීමටද වශයෙන් ආණ්ඩුවෙන් සහන ලැබී තිබිණි. 2012 ඔක්තොම්බර් 1 දින විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම සහන ප්‍රදානය කර ඇති අතර එය උපාය මාර්ගික ආයෝජනයක් ලෙස හඳුන්වා දී තිබිණි. නමුත් එම ගිවිසුමද වෙනස් කර සම්පුර්ණයෙන්ම බදු නිදහස් ව්‍යාපෘතියක් ලෙස මෙය නම්කිරිමටද මෛත්‍රීපාල ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

කොළඹ කොටුවේ අක්කර 04 ක පමණ ඉඩමක සිදුකිරීමට සැලසුම් කර තිබෙන ක්‍රිෂ් ව්‍යාපෘතිය (Krrish Square )සිදුකිරීමට අදාළ සමාගම අපොහොසත් වන්නේ නම් මෙරට නිතී රීති වලට අදාළව එම සමාගමට එය වෙනත් ආයෝජකයෙකුට දීමට හෝ වෙනත් ආයෝජකයෙකු සමග කිරීමට හැකියාවක් තිබෙන බව පසුගිය රජය අනාවරණය කළා.ඒ ජනාධිපතිවරණයට මාස 3කට පමණ පෙරය.

එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම ඉඩම වෙනුවෙන් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගම විසින් රුපියල් මිලියන 4355 ක මුදල් ගෙවා තිබෙන බවත් තවත් රුපියල් මිලියන 639.5 ක් ගෙවීමට තිබෙව බවයි.මෙම මුදල අදාළ සමාගම පොරොන්දු වූ දින වකවානු වලදී ගෙවීමට නොහැකිවීම නිසා ඒ සඳහා සියයට 12 ක පොලියක්ද රජය විසින් එකතු කර තිබේ.

 ක්‍රිෂ් සමග රජය කිසිදු ආයෝජන ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් ඉඩමට සම්පූර්ණ මුදල් ගෙවන තෙක් මෙම ව්‍යාපෘතිය පාර්ලිමේන්තුවට යොමු නොකරන බවයි.

මෙම ව්‍යාපෘතිය එළිදක්වමින් ඉන්දීය ක්‍රිෂ් සමාගම පැවසුවේ මේ යටතේ ඔවුන් සුපිරි නිවාස, සාප්පු සංකීර්ණ, තරු හතේ හෝටලයක් ඇතුළු ඉදිකිරීම් වලින් සමන්විත තට්ටු 85 ක කුළුණක් හා තවත් කුළුණු හතරක් ගොඩ නගන බවයි.

කොළඹ චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලෝටස් පාරට මායිම් වන දැනට පැරණි ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ එම ගොඩනැගිල්ලද ඇතුළත්ව අක්කර 04 කුත් පර්චස් 37.10 ක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉන්දියානු ක්‍රිෂ් සමාගම් සමූහයට ලබාදීමට අදහස් කර තිබෙන්නේ 99 අවුරුදු බදු පදනමට අනුවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top