විශේෂාංග

සිංහ වංශයේ දවසක්

ලංකාවේ දැවෙන ප්‍රශ්න සියල්ලකම මුල් බීජ රෝපනය කලේ සුද්දන්ය.සිංහලයාගේ බල බිදීමට සුලු ජාතිකයන් අවියක් ලෙස භාවිත කෙරීය.උතුරු නැගෙනහිර දෙමල නිජ බිම ලෙස සුද්දා පිලිගැනීය.75% ක සිංහල බහුතර ජනගහනය  12% ක දෙමල ජනගහනය හා සම තැන්හිලා සැලකින. අවුරුදු 2500 කට වැඩි සිංහල ඉතිහාසය අවුරුදු තුන් හාරසියයේ දෙමල ඉතිහාසයට සම කෙරින.

ද්‍රවිඩ ජනයාට පනහට පනහ නොහොත් සම අයිතීන්   දීමට සුද්දා එකග විය.රජයේ ඉහල තනතුරු සියල්ලට සුලු ජාතිකයන් පත් කෙරීය. ආර්ථික මෙහෙයුම් සදහා ලක්ෂ ගනනින් දෙමල හා මුස්ලිම් ජනයා ඉන්දියාවෙන් රැගෙන ආවේය.යටත් විජිත පාලනය තුල රට බෙදීමට නොහැකිවුවද 1948 සුද්දා පිටවූයේ ලංකාව බෙදා වෙන්කිරීමේ මාර්ග සිතියම දෙමලා අතට පත් කොටය.

ලක් වැසියන්ගේ වාසනාවට එදා රට බෙදී නොගියද, සුද්දන් ඉන්දියාව තුනට බෙදීය. උර්දු කථා කරන වුන් , බංගලා කථා කරන වුන් සහ හින්දි කථා කරන වුන් ලෙසින් රට තුනට කැඩීය. දෙමල කථා කරන වුන්ට රටක් තැනීම සුද්දාට මිස් වූයේ නූලෙනි.සුද්දාගේ සැලසුම ලංකාවේ උතුර සහ ඉන්දියාවේ දකුන එක් කොට සුඩානය බෙදූ ආකාරයට දෙමලාට රටක් තැනීමය. තමිල්නාඩුවේ සහ උතුරේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන ක්‍රිස්තියානි පල්ලි මෙහි එක් පියවරකි.ලංකාවට අත පෙවීමට ඉන්දියාවට හේතු 3 කි. එක.ඊනියා දෙමල නිජබිම  වෙන්කිරීමේ සුද්දන්ගේ කුමන්ත්රනය. දෙක.තමිල්නාඩුවට සැලකිය යුතු ඡන්ද බලයක් හිමි වීම සහ තුන්වන පාර්ශවයකට ලංකාව භාවිතයට ඇති ඉඩ(චීනය වැනි).ඒ අනුව තමා ආරක්ෂාවීමේ ඉන්දීය මෙහෙයුම තුල ලංකාව ඉන්දියාවේ ඉත්තෙකි.

සුද්දන්ගේ අලුගුත්තේරු වැඩ පිලිබද එදා මෙදා තුර නායකයන් ගොලුය .ලාංකික දේශපාලනයේ සිංහල නායකයන්  බොහොමයක් සුද්දන්ගේ දෙපා ලෙවකා ප්‍රබූ තත්වයට පත්වූවන්ය.බොහොමයක් එංගලන්තයේ හෝ පැරීසියේ අකුරු කියවූ වුන්ය.නමට සිංහල වුවද සිතුම් පැතුම් සියල්ල සුද්දන්ගෙනි .දෙපයින් සිටගත්තද හිස් නිවට නියාලු ගති වලින් යුතුය. විදේශ ප්‍රජාවට කෙරේ මොවුන් තුල ඇත්තේ පුදුමාකාර බියකි ,ගැති බවකි. ඔවුන්ගේ වරද දැකීමට , එය විවේචනය කිරීමට බියය.අදටද සිංහල නායකයන් ලෙස නැගීසිටින බෝහොමයක් මෙවැනි කොන්දක් නැති කලු සුද්දන්ය. වඩමරච්චි මෙහෙයුමට එරෙහිව ගුවනින් පරිප්පු බාන විට එදා JRට සුලු දිය පහ පහ වුනේ එහෙයිනි.
එදා JR විදේශ ප්රජාවට කොතරම් බයවීදයත් පරිප්පු සිද්දියෙන් අනතුරුව රටපාවා දුන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරීය. රිවිරැස මෙහෙයුම මාන්කුලම් නගරය අත්පත් කරගන්නවත් සමගම යුද්ධය නැවැත්වීමට විදේශ ප්‍රජාව චන්ද්රිකාට බලකෙරීය. සුද්දන්ට බයවූ චන්ද්රිකා යුද්ධය නැවැත්වූවා පමනක් නොව මන්කුලම් දක්වා ඉදිරියට ගිය හමුදාව කි.මී 56 ක් එනම් ඕමන්තේ දක්වා පසු බැසීමට පාර කැපීය. රනිල් සුද්දන් ඉදිරියේ කොතරම් නිවට වීදයත් මීනීමරු කොටියාට භූමිය පවා දෙමින්, ඔවුන්ට රාජ්‍යතාන්ත්‍රික පිලිගැනීමක් දෙමින් අවබෝධතා ගිවිසුම අත්සන් කෙරීය. සුනාමි ආධාර බෙදා ගැනීමට LTTE සමග ගිසුමක් අත්සන් කිරීමට චන්ද්‍රිකා පෙලඹුනි.

ඇලේ දොලේ සල්ලං වූ මහින්දගේ ශබ්දකෝෂයේ ‘බිය’ වචනය නොවීය.වෙල් ඉපනැල්ලේ හැදී වැඩුනු මහින්දට උලත් එකය පිලත් එකය. සුද්දන් ඔහුට පෙනුනේ තවත් එක ජන කොටසක් ලෙස පමනි. 2005 මහින්ද බලයට එනවිට LTTE සිටියේ ජයග්‍රහණයේ උත්කර්ශය සමගිනි. එතෙක් වූ සාම කතා නැවැත්වූ මහින්ද කොටියාට දිය යුතු එන්නත නියම කිරීය. කොටියන් එකා පිට එකා අතුගා දමන විට කලබල වූ සුද්දන් යුද්ධය නැවැත්විමට බල කෙරීය. සෝල්හයිම්ලා , මිලිබෑන්ලා , කුෂ්නර්ලා, නම්බියාර්ලා, රොබට් බ්ලේක්ලා අවඥාවෙන් බැහැර කල මහින්ද ව්ජයග්රහනය කරා රට මෙහෙය වීය. පලමු වටයේ මහින්දට පැරදුනු සුද්දා දෙවන වටයේ සටනට පිවිසීය. ඒ මහින්දට යුධ අපරාධ චෝදනා ගොනු කරමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සුද්දාගේ අංතප්පුරය වැනිය, එ.ජා ප්‍රඥප්තිය සුද්දාගේ කාම සූත්ර පොත වැනිය. සුද්දන්ට ඕනෑම අවලං වැඩක් කිරීමට සුත්ර, ප්‍රතිපාදන එහි ඇත. සුද්දාගේ ගැහිලි වලට අත්වැල සපයන අතර තම  න්යායට පිටින් යන උන් දඩු කදේ ගැසීමට කස කවයි.වියට්නාම්යේ, අෆ්ගන් ,ඉරාකය අතුලු ලොවපුරා  ඇමෙරිකාව සිදුකරන  ජන සංහාර පිලිබද   එ.ජා සංවිධානය මුනිවත රකියි. ජනතාවාදී රජයන් පෙරලීමට කැරලි කරුවන්ට මිල මුදල් ,අවි ආයුධ පොම්ප කරයි.ලොව බිහිසුනු ත්‍රස්ත කල්ලි සියල්ලෙහිම ගෝඩ් ෆාදර් ඇමෙරිකවය. අෆ්ගන්වල සෝවියට් හමුදාවට එරෙහිව අල්කයිඩා තැනීය. තැන තැන බෙලි කපන IS කල්ලිය තැනුවේ සිරියාවේ රජය පෙරලීමටය. නයිජීරියාවේ තෙල් සම්පත කොල්ලකෑමට බෝකො හරාම් තැනීය. යුරේනියම් බහුල අප්රිකානු රටවල් කොල්ල කෑමට අල්ශබාබ් තැනීය.සුද්දන් සිදුකරන ඕනෑම අලුගුත්තේරු වැඩකට සුජාත මුද්රාව තැබීමට එ.ජා සැදී පැහැදී සිටියි. නමුත්  ලංකාවේ බිහිසුනු කොටි ත්‍රස්තයන් අතුගා දැමීමේ මෙහෙයුම ඔවුන්ට අමානුෂිකය.එකී මෙහෙයුමට නායකත්වය දුන් මහින්ද යුධ අපාරාධකරුවෙකි. 

විශේෂ ලියුම්කරු -කීර්ති රත්නායක 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top