LNN SPY

මෛත්‍රී කියන්නේ ගුණ මකුවෙක්- ජ්‍යෙෂ්ඨයන් සටන කැදවයි!

“හිටපු ජනාධිපතිවරයා නැවත අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වන්නේ රෙදි ඇඳගෙනද  කියලා ප්‍රශ්න කරන්න මට සිද්ධ වෙනවා. එයාවයි මාවයි එකම වේදිකාවක ජනතාව අමතන්න කපුකමේ යෙදෙන උදවියත් දැන් කරළියට ඇවිත් ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මෛත්‍රීපාල කියන්නේ කවුද කියලා හරිහැටි හඳුනා නොගෙන ඒ අය කටයුතු කරන බව.”

“පැරදුණු ජනාධිපතිවරයා මැදමුලනට ගියේ හෙලිකොප්ටරයකින්. එදා මම පැරදුණා නම් මාව හිරේ විලංගුවේ දාලා මට දස වද දෙන්න තීන්දු තීරණ අරගෙන. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන පවා සකස්‌ කර තිබූ බව රහස්‌ පොලිසියෙන් මට දැනගන්න ලැබුණා. එයා මැදමුලනට ගියාට පස්‌සෙයි මම දැනගත්තේ හෙලිකොප්ටරයෙන් ගිය බව. ඒකට මම අනුමැතිය දුන්නලු. මම එහෙම අනුමැතියක්‌ එයාට දුන්නේ නැහැ. ඒ බව දැනගෙන හිටිය නම් එයාට හෙලිකොප්ටරයෙන් යන්න මම ඉඩ දෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස්‌ පළ කර සිටියේ ඉකුත් 27 වැනිදා කලාකරුවන්, බුද්ධිමතුන් සහ මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ කොළඹ පදනම් ආයතනයේදී පැවැති හමුවකදීය……

මෛත්‍රීපාල සිරිසේන ජනපති කරන ලද මෙම ප්‍රකාශය  හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් කලකිරිමට ලක්ව සිටින බව වාර්තා වේ.LNW ඇමතු  ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම සදහන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් නිළ ඡන්ද ප්‍රථිපල දැන ගත් වහාම නව ජනාධිපතිවරායට සියල්ල භාරදි ඔහුට සහය දිමට කටයුතු කරන ලෙසට තමන්ට උපදෙස් දුන් බවයි. ජනාධිපතිවරයාට හෙලිකොප්ටරයෙන් ගමන් කිරිමට කාගෙන්වත් අවසර ගත යුතු  නැති බවත් කිසිදු හැදියාවක් නැති මෛත්‍රීපාල වැනි නිවටයන් මේ රට කොටින්ට භාර දෙන දවස වැඩි ඇතක නැති බවද සදහන් කලා.

යහපාලනය ඇති කිරිම සදහා කටයුතු කරන බව පවසමින් බලයට ආවද ආ අවස්ථාවේ සිට කල එකම් වැඩේ පලිගැනිම සහ උතුරේ බෙදුම්වාදීන් ශක්තිමත් කිරිම පමණක් බවද ඔහුන් පෙන්වා දුන්නා.තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ විශිෂ්ටතම නායකයා වන මහින්ද රාජපක්ෂ හට අපවාද එල්ල කරමින් කටයුතු කරන්නේ නම් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සටන වේගවත් කරන බවද ඔහුන් කියා සිටියා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනයි කල ගම්පහ දිස්ත්‍රික් ප්‍රභල අමත්‍යවරයෙකු මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ  “මෛත්‍රීපාල කියන්නේ කවුද කියලා හරිහැටි හඳුනා ගෙන නෑ” යනුවෙන්  කල ප්‍රකාශය ගැලරිය සතුටු කරන ප්‍රකාශ මිසක මෛත්‍රීපාල යනු එහෙම කොන්දක් පණ ඇති අයෙකු නොවන බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top