LNN SPY

මෛත්‍රී,වසන්තලා හැර තවත් හොරු සිටිද?

සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසකට හිමිකම් කියන කැරෝකේ වසන්ත දැන් යහපාලනයටද අත දමා තිබෙන බව දකින්නට තිබේ. ආණ්ඩුව කාගේ පැත්තේ  තිබුනත් තමන් ඒ පැත්තේන් යනුවෙන් නිරන්තර කටමැද දොඩවන වසන්තලාගේ කෙරුවාව දැන් තහවුරු  වි තිබේ.

රාජපක්ෂලා සමග ලගින් ගනුදෙනු කල අංක එකේ දුෂිතයෙකු වන  වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තලා පසුගිය කාලසිමාවේ තමන් යහපලනයට එකතුවු බවට  කරන ප්‍රකාශයන් තහවුරු කරමින් මෛත්‍රීපාල සිරිසේනලා සමග ලගින්….ඉන්නට තරම් දක්ෂයන් වී සිටි.

දුෂිතයන්ට රටෙන් වත් පනින්නට නොදේන බවට පුරසාරම් දෙඩු මෛත්‍රී දැන් හොරුන්ටත් මෛත්‍රීය පාන්නට පටන්ගෙන තිබෙන බවද මේ පෙනෙන්ට තිබෙන්නේ.

සියත රූපවාහිනියට සහ සිරස නාලිකාවන්ට පහරදුන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඩොනල්ඩ් නමැත්තා මේ දිනවල නිදහසේ නටන ආකරයද දකින්නට තිබේ.

ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂාව ලබාදුන්නේ තමන් බවත් තමන්ට දැන් ඔනෑම දෙයක් කල හැකි බවත් පවසමින් ඩොනල්ඩ් රංජිත් කියමින් සිටින කතාද බොරුවක් නොවන බව දැන් පැහැදිලිය.(විඩියෝව පහතින් නරඹන්න) 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top