Breaking
13 Feb 2025, Thu

පොලිස් ප්‍රහාර මැද සිංහලේ කොඩිය යළි එසවෙයි.

අදින් වරස දෙසීයකට පෙර 1815 කන්ද උඩරට හොර ගිවිසුමෙන් සුද්දන්ට සිංහලේ රට පාවදී හරියටම වසර දෙසීයක් සපිරෙත්දී කළු සුද්දන් විකෘති කළ සිංහලේ සැබෑ ජාතික කොඩිය යළිත් වරක් කන්ද උඩරට දළදා අහසේ ලෙළදුන්නේ තව දුරටත් විජාතික ගැතියන් ලෙස ජීවත් වන්නට අකමැති දේශමාමකයන් එදා මෙන්ම අදටත් සිංහලේ මාතෘ භූමිය තුළ ජීවමාන වන බවට සපථ කරමිනි. එදා සුද්දාගේ කතිර කොඩිය බිම ඇද පාගා දමා සිංහලේ සිංහ ධජය එසවූ වාරිය‍පොළ ශ්‍රී සුමංගල යති විරුවාණන්ට සුද්දන්ගෙන් පහර කන්නට වූවා සේම වසර දෙසීයකට පසු අද දිනයේ යළිත් වරක් සිංහ ධජය එසවූ යතිවරුන්ට සහ දේශප්‍රේමී තරුණයන්ට කළු සුද්දන් හැදූ වැඩූ නීතිය යටතේම සිතින්ද ගතින්ද පරගැතියන් වූ නීතිය කරවන නිලදරුවන්ගෙන් පහර කෑමට සිදුවීය.

සිංහ ධජය එසවීම නීති විරෝධී යෑයි හදුන්වමින් මහනුවර පොලීසියෙන් මහනුවර නාථ දේවාල භූමියේ අද පැවති ශ්‍රී සුමංගල යති විරු සමරුවට දැඩි බාධක එල්ල වූ අතර පැමිණ සිටි දේශමාමක තරුණයන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්වයක් ඇති විය. 150 ක පමණ පොලිස් බලඇණියක් යොදවා පැමිණි පිරිස අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට පොලීසිය කටයුතු කර තිබුණ අතර එහිදී භික්ෂූන් වහන්සේලා සහ තරුණයක් කිහිප දෙනෙකුද පොලීසියෙන් පහර කෑමට ලක්විය. 

රට බෙදන්නට අර අදින රායප්පු ජෝශප්ලා ප්‍රමුඛ ‍බෙදුම්වාදීන් උතුරේ කොටි කොඩිය ඔසවත්දී බල නොපාන නීතිය සිංහල දේශයේ සැබෑ උරුමකරුවන් වූ සිංහලයන් සිංහල ධජය එසවීමේදී පමණක් අකුරටම ක්‍රියාත්මක වීම තරයේ හෙළා දකිමු. කලු සුද්දන් හැදූ වැඩූ නීතියත් සිතින් ගතින් පරගැතියන් වූ ජාතිකත්වය සිද ගත් නීතිය කරවන නිළධරයනුත් යටතේ සුපුරුදු පරිදි එදා මෙන්ම අදත්, හෙටත් ක්‍රියාත්මක වන්නේ මේ රටේ සැබෑ උරුමකරුවන් වූ සිංහල බෞද්ධයා ඉලක්ක කරගෙන පමණය. 

බටහිර සුද්දන්ගේම උවමනා එපාකම් අකුරටම ඉටු කරමින් මහා ජාතිය තලා පෙළා සුළු ජාතීන්ට දිය හැකි හෑම වරප්‍රසාදයක්ම බන්දේසියේ තබා ප්‍රධානය කරමින් බෙදුම්වාදය, වර්ගවාදය ඉදිරියේ රටත් ජාතියත් උකස් කරන සුද්දන් ඉතිරි කර ගිය කලු සුද්දන් වූ තකතීරු පාලකයන්ගෙන් එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් අපගේ ජාතියේ උන්නතිය වෙනුවෙන් අවමයෙන් හෝ යමක් බලාපොරොත්තු වීමත් ඉබ්බන්ගෙන් පිහාටු අයැදීමකට නොදෙවෙනි වන්නේය. 

එබැවින් එදා පොරණේ විරුවන් සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජාතික විමුක්ති අරගලය දියත් කරේ යම් සේද ඊට නොදෙවෙනිව අද අපිත් දිගින් දිගටම සිංහලයා බෞද්ධයා ඉලක්ක කරමින් එල්ල කරන පීඩනය මැඩගෙන සිංහලේ සැබෑ නිදහස උදෙසා අත්වැල් බැදගෙන ජාතික ශාසනික විරෝධී පදනම් බිදගෙන ඉදිරිය බැලීමට අදිටන් කර ගත යතු වන්නේය…

-කඩුව-

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.