LNN SPY

යහපාලන පොලිසිය සැකකරු සිර මැදිරියේ එල්ලා මරයි!

Exclusive-පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරය තුළ දී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හා ශරිර අවයව කොටස් රැසක් හමුවිමත් සමග රාජ්‍ය අනුග්‍රහය ලබන පාතාල කණ්ඩායම් රැසකගේ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙන අතර එ අතර ප්‍රබලයෙකු වන ජා ඇල, ඒකල නිශාන්ත වත්තේ පදිංචිව සිටි සමීර පතිරණ (31) නමැති අයෙක් ජා ඇල පොලිසිය විසින් අත් අඩංගුවට පසුව එදින රාත්‍රියේම ගෙල සිරකර මරාදමා තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් රජයේ ගිරවා වි සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැකකරු  සාක්කුවේ තිබූ තංගුස් නූල් ගෙන එය පොලිස් කූඩුවට ඉහළින් වහලයට දමා ගෙල ලාගෙන මියගොස් ඇති බවයි. සමාන්‍යයෙන් සැකකරුවෙකු සිර මැදිරියට දැමිමට පෙර ඔහුගේ ඉන පටිය ගලවා සියලුම සාක්කු පරික්ෂා කරන බව නොදන්නා තරම්  මාධ්‍ය ප්‍රකාශක ළදරුවෙකු නොවන බව අප විශ්වාසා කරමු.

නමුත් සත්‍ය කතාව එය නොවේ පෙරේදා පස්වරුවේ සැකකරු  ජා ඇල ඒකල පාරේ සැකකටයුතු ලෙස සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්ණ කර තිබේ.ප්‍රශ්ණ කිරිම් වලදි යහපාලන රජයට සම්බන්ධව පාතාල කල්ලිය සමාජිකයෙකු බව අනාවරණය කරගෙන තිබේ.පසුව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ නව ඇමැති ජෝන් අමරතුංග මහතාට මේ සම්බන්ධයෙන් දැනුම්දි ඇති අතර පසුව ලැබුනු නියෝගයකට අනුව මෙම සැකකරු මේ අකාරයට ඝාතනය කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top