Political

මංගලට දුමින්දගේ ලෙඩේ!

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවිර,මහින්ද රාජපක්ෂ සමග අතිනත ගැනිමට ඔන්න මෙන්න කියා සිටියදි චන්ද්‍රිකාගේ මෛත්‍රී ඩීල් එක නිසා ඇමතිකමද දමා සිංගප්පූරුවේ සිට හැරෙන තැපෑලෙන් ආ බව රටම දන්නා රහසකි.

ජනාධිපතිවරණයක උණුසුම දැනෙන්නට පටන් ගත් සමයේ  රැට..රැට….බැසිල්,නාමල් බොල්ගොඩ පිහිටි මංගලගේ නිවසට බඩගැ බවද රටේම ජනතාව දනී.නමුත් දැන් මංගලටද ඇත්තේ දුමින්ද සිල්වාට නොදැවිනි රෝගයකි.එනම් අමතක විමේ රෝගයය.ඉරිදා ලංකාදිප පුවත්පත සමග එක්වෙමින් මංගල තඩි ගජබිලංකාරයක් ඇදබා තිබේ.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට ආසන්න කාලයේ ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එකක් සාකච්ඡා කළා කියන කථාවත් බොරුද ?

පිළිතුර-බොරු. එක බොරුවක්.    

ප‍්‍රශ්නය- ඒ කියන්නේ කිසිම සාකච්ඡාවක් කලේ නෑ ?

පිළිතුර  – ඔව්.මම සාකච්ඡා කළා.මගේ ගෙදරට කවුරුහරි එන්න ඇහුවොත් මම කවදාවත් එපා කියන්නේ නැහැ. තාම මට මතකයි නොවැම්බර් 02 වැනිදා බැසිල් රාජපක්ෂ මැතිතුමා හා නාමල් රාජපක්ෂ මැතිතුමා අපේ ගෙදරට එන්න පුළුවන් ද කියලා ඇහුවම මම කිව්වා  “ඔව් එන්න” කියලා. ඒක තමයි අපේ හැදිච්චකම. මාව හත් පාරක් සී.අයි.ඞී.එකේ හතරවැනි තට්ටුවට ගෙනිච්චා. මට දෙන්න පුලූවන් වද හිංසා විශාල ප‍්‍රමාණයක් දුන්නා. මගේ ගේ තියෙන්නේ පානදුර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළයිග ඒ පාර සම්පූර්ණයෙන්ම හදාගෙන ඇවිත් මගේ ගෙට හැරෙන තැනදී නතර කළා. ඒ වගේ දෙවැනි පංතියේ කෙනෙහෙලිකම් සිට මහා පරිමාණ පළිගැනීම් දක්වා මට කලත්, මම ඒකයි කිව්වේ මගේ හිතේ වෛරයක් තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා ? කෑමකට ආවා. ජනාධිපතිතුමා ආපු වෙලාවේ අපි දේශපාලනය ගැන කථා කළේවත් නැහැ.

ප‍්‍රශ්නය- ඞීල් එක ගෙනිච්චේ බැසිල් රාජපක්ෂයි?

පිළිතුර   – බැසිල් රාජපක්ෂ මැතිතුමා වුනත් මට ආරාධනා කළේ නෑ. එක වෙලාවක මට විහිළුවට වගේ කිව්වා  “ඔබගේ මහ ගෙදර නේද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය” කියලා.නමුත් මම මුකුත් කියන්න ගියේ නැහැ. මම තීන්දුවක් ගත්තා. මහ ගෙදරින් මාව එළෙව්වා. දැන් මට නිවසක් දීලා වහලක් දීපු ඒ  අය මගේ සැබෑ මිත‍්‍රයන්.

Top