විශේෂාංග

ඉල්ලන් කෑම මෛත්‍රී පුරුද්දක්!

පසුගිය දවසක  LNW ඔත්තුකරුවන් පොඩි ව්‍යායාමයකට නිදහස් චතුරශ්‍රය පැත්තට ගිය ජනපති මෛත්‍රී  මංගල ඡායාරූපය ගැනිමට පැමිණ සිටි මංගල යුවලක් සමග ඡායාරූපයකට පෙනි සිටිමේ ගොන්පාට් එකට  අදාළ ඡායාරූපයක් LNW හී පලකිරිමත් සමග Facebook ඇතුලු සමාජ වෙබ් අධවි හරහා මෛත්‍රීට කඩේ යන ඇතැමුන් අප විවේචනය කළේ අප විසින් ආදාළ ඡායාරූපය නිර්මාණය කල එකක් බව පවසමින්ය.නමුත් ගෙවිගිය සතිය තුලදි සැම වෙබ් අධවියකම වාගේ අදාළ ඡායාරූපය පලවිමත් සමග ආණ්ඩුව මෙන්ම ආණ්ඩු හිතවාදින්ද අන්දොස් වි ගොස් තිබේ.

අදාළ ඡායාරූපය පලවිමත් සමග තමන්ගේ කොන්දයි, පෞරුෂයයි සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනටද මහත් කලකිරිමක් ඇතිවි ඇති අතර මින් ඉදිරියට කිසිවෙකුත් සමග අවෙලාවේ ඡායාරූපය නොගැනිමට කටයුතු කරන බවද පවසා තිබේ.

කෙසේනමුත් මේ සිදුවුනු අපවාදයෙන් ගොඩ එමට උපක්‍රමයක් සෙවිම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සිය ලංකාදිප පුවත් පතේ මුල්පිටුවේ මෛත්‍රී ජනපති නිදහස් චතුරශ්‍රයේ ව්‍යායාම් කරන ඡායාරූපය පලකර තිබේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාද වෙබ් අධවි පවත්වන් යන ආණ්ඩුවේ ප්‍රතිලාභ ලබන මාධ්‍යවේදීන් අමතා කෙසේ හෝ මෙම පුවත පලවිම හරහා මෛත්‍රීට සිදුවු හානිය අවම වන අකාරයේ පුවත් පලකරන ලෙසට ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මෛත්‍රීපාලනයෙ  ඉහල පෙලේ මාධ්‍ය ප්‍රධාණියේකු LNW අමතමින් කියා සිටියේ ඉල්ලන් කෑම මෛත්‍රීගේ පුරුද්දක් වි ඇති බවයි.

Top