LNN SPY

විනිමය ලොක්කා අධ්‍යක්ෂ ජෙනරාල් හොර පාරෙන් ගෙට ගනී

විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුනාරත්න ආයතන විධි විධානවලට පටහැනිව තම හිතවතෙක් හොර පාරෙන් අධ්‍යක්ෂ ජෙනරාල් පදවියට  පත්කර ගැනීමට සුදානමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහා පසුගියදා සම්මුඛ පරීක්ෂණ අවසන් වූ පසු පස්සා දොරෙන් හොර රහසින් කැඳවා ගත් මෙම තනතුරට අයදුම් කර නොතිබුනු වජිර විජෙගුණවර්ධන නැමති පුද්ගලයා තිලක් කරුනාරත්නගේ පවුලේ හිතවතෙකි. 

විනිමය කොමිසම් සභාවේ වර්තමාන  නියොජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හා එහි වසර 20කට වඩා පලපුරුද්දක් ඇති දම්මික පෙරේරා මෙම තනතුරට අයදුම් කර ඇති අතර ඔහුට වඩා වසර 10 කින් පමන පලපුරුද්දෙන් අඩු වජිර විජෙගුණවර්දන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්කරගැනීමට සභාපතිවරයාට ඇති උවමනාව නිසා මෙසේ හොරපාරෙන් වජිරව සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top