Political

ගණිතය බැරි ඡන්දදායකයෝ සහ යහපාලන බොරු තොගය

ලංකාවේ වැඩිම දෙනෙක් අසමත් වන විශය ගනිතයය්. අ. පො .ස . සාමන්‍ය පෙල විභාගයෙන් 45%-50% අතර ප්‍රමානයක් සෑම වසරකම ගනිතය අසමත් වීම ඉතිහාසය පුරාම පවතින ප්‍රශ්නයකි. පසුගිය ජනාදිපතිවරනයේ මහින්ද රාජපක්ෂගේ පරාජයට මූලික හේතුවක් වුයේ චන්දදායකයන්ගේ ගණිතය දුර්වලකමය. මුලු චන්ද දායකයන් අතරින් 45% යනු ලක්ෂ 54කි. මෛත්‍රිපාලට චන්දය දුන් ලක්ෂ 62න් ලක්ෂ 54ක්ම අ.පො.ස.සාමන්‍ය පෙල ගනිතය අසමත් අය බව අපට පෙනී ගොස් ඇත. මන්ද රාජපක්ෂ ආන්ඩුවේ දුෂණ වංචා ගැන රාජිතලා, චම්පිකලා, හර්ශලා, රවීලා,අනුරකුමාරලා, හරීන්ලා, සේරසිංහලා, ගොන්ජලා කිවු පට්ටපල් බොරු ගනන් හිලව් විශ්වාස කරන්නට පුලුවන් අ. පො .ස .සාමන්‍ය පෙල ගනිතය අසමත් උන්ට පමනක් නිසාය.

මෙතන තිබෙන මූලිකම ප්‍රශ්නය කියන උන්ටත් අහන උන්ටත් දෙගොල්ලන්ටම ලක්ෂ, මිලියන, බිලියන අතර වෙනස නොතේරෙන කමය. මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් බවත් බිලියනයක් කියන්නේ මිලියන 1000 ක් හෙවත් ලක්ෂ 10,000 බවත් මුන්ට නොතේරෙන නිසා හැම දුෂන චොදනාවක්ම ඉදිරිපත් කෙරුනේ මුලින්ම මිලියන වලිනි. චන්දය කිට්ටුවන විට මේ සියලු ගනන් හිලව් බිලියන වලට හැරුනි. රාජපක්ෂලා විවිධ ව්‍යාපෘතිවලින් බිලියන් ගනන් කොමිස් ගැහුවා කියා යහපාලක හොර නඩය පුන පුනා කියද්දී, යකෝ ව්‍යාපෘතියෙ වටිනාකමවත් එච්චර නැහැනේද කියා තේරුම් ගන්නට ඉහතකී චන්දදයකයන්ට නිකමටවත් බැරිඋනේ ඔය ගනිතය අසමත් ප්‍රශ්නය නිසාය.

මෙය තේරුම් ගන්නට කාටත් මතක මෑත කාලීන සරල උදාහරන කීපයක් ගනිමු. දැනට සතියකට පෙර කැබිනට් බොරු ප්‍රකාශක රාජිත මාද්‍ය අමතමින් පසුගිය රජය විසින් ආරම්භ කරන ලද කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් සඳහා වන අස්තමේන්තුවෙන් බිලියන 30ක රාජපක්ෂලා කොමිස් ගසා ඇතය් කිවේය. ඊට පහුවදා මෙය ප්‍රතික්ෂෙප කල චීන රජය පැවසුවේ ව්‍යාපෘතියෙ මුලු වටිනාකමත් බිලියන 66.8ක් පමනක් බවය්. එයින් බිලියන 30ක් කොමිස් ගෙවන්නේ කොහොමදය් චීන තානපති මාද්‍යවේදීන්ගෙන් ඇසුවේ තමුසෙලාගේ මොලේ කොහෙ තියනවාදැය් අහනවා වෙනුවටය. චන්ද කාලයේ අධිවේගී මාර්ග සම්බන්දයෙන් මෙවැනි බිලියන් කතා කීයක් අප අසා තිබෙන්වාදැය් මතක් කරගන්නා මෙන් අපි චන්දදායකයන්ගෙන් ඉල්ලමු.

තවත් මෑත කාලීන උදාහරණයක් ගනිමු. “උමාඔය ව්‍යාපෘතියට පසුගිය රජය ඩොලර් බිලියන පන්සීයක් වැය කරලා. මේ ව්‍යාපෘති වලට ගිහින් තියෙන්නේ කිසිඳු පරිසර වාර්තාවක් හෝ අනුමැතියකින් තොරව තනි කැමැත්තටයි” මේ කියන්නේ ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දුය. ලංකාවේ මුලු ආර්ථිකයම ඩොලර් බිලියන 65ය්. උමාඔයට ඩොලර් බිලියන පන්සීයක් යන්නේ කොහොමද? ඊලගට මේ හාදය කියයි එකෙන් බිලියන 100ක් විතර රාජපක්ෂලා කොමිස් ගහල කියලත්. ඉතින් චන්ද කාලේ මිලියන් බිලියන් ප්‍රශ්නය නිසා අපේ අ. පො .ස . සාමන්‍ය පෙල ගනිතය අසමත් කීදෙනෙක් මේ පච ප්‍රචාර හිස මුදුනින් පිලිගත්තද ?

මතකද රවී කරුනානායක කියනවා මහ බැංකුවේ ගොඨාභයගේ ගිනුමේ රුපියල් බිලියන 18 ක් තියනවා කියලා. ඒ කියන්නෙ රුපියල් 18,000,000,000/- එච්චර මුදලක් පුද්ගලික ගිනුමක තියෙන්න බැරි බව තේරුම් ගන්නෙ කොහොමද බිලියනයට තියෙන බින්දු ගානවත් දන්නෙ නැතුව අපේ සමහර අය්යලා. ටික දවසකින් හොයාගත්තා ඒක රජයේ ගිනුමක් කියලා.

තව උදහරනයක් ගමුද? ඊයෙ පෙරේදා කියපු එවා කාටත් මතක නිසා එවා තොරාගත්තේ. මත්තල ගුවන් තොටුපලෙන් ගලවා ඉවත් කරන ලද පුටු තොගයක් කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබූ අවස්ථාවේදී ඒ ගැන සොය බැලීමට ගිය පශු සම්පත් නියෝජ්‍ය රන්ජන් රාමනායක මහතා පුටු පෙන්වමින් කීවේ මෙතැන බිලියන ගාණක නාස්තියක් සිදුව ඇති බවකි. එතන පුටු කීයක් තිබ්බද? 2,000ක් කියමු. පාඩුව බිලියන 1ක් කියමු. පුටුවක මිල කීයද? ලක්ෂ 5යි. කොයි පැත්තෙන්ද අපි හිනාවෙන්න ඕනේ.

ඇත්ත්ම කියනවානම් අපි අඬන්නය් ඕනෑ. මොකද 62 ලක්ෂයක් මේ බොරු වලට එදා අහු උනා. ඇත්ත දුෂණය බලන්න ඕනෑනම් ඔන්න හොඳම උදාහරනය රනිල්,රවි,මහෙන්ද්‍රන් එකතු වී කල මහ බැංකු නයකර වංචාව.

මහ බැංකුවේ සාමාන්‍ය ණය ගැනීමේ පොලී අනුපාතය 9% ව තිබියදී මහබැංකු ලොක්කා අර්ජුන මහෙන්ද්‍ර සිය බැනා වන අර්ජුන ඇල්ලොසියස්ට රුපියල් බිලියන 10 ක් 12.5% පොලියට අවුරුදු 30 ක කාලයකට මහ බැංකුවට නයට දීමට හොර පාරෙන් ඉඩ සලසා දීම හරහා මාමා, බෑනා, අගමැති, මුදල් ඇමති නඩය ඉපදු ලාබය පැයක් ඇතුලත රුපියල් බිලියනය ඉක්මවන අතර ඉදිරි 30 වසරකටම බලපාන ලාබය රුපියල් බිලියන 10 ඉක්මවය්. කොහොමද ගැහිල්ල ? මීට අමතරව මුන්ගේ හොරකම නිසා සියලු ආකාරයේ රාජ්‍ය ණය වල පොලී අනුපතය ඉහල ගොස් ඇත ( අවුරුදු 10 ණයකර, අවුරුදු 8 ණයකර, අවුරුදු 4 ණායකර, අවුරුදු 1 ණයකර, මාස 6 ණයකර, මාස 3 ණයකර, ආදී වසයෙන්). උදාහරනය වශයෙන්ගතහොත් 8% ට තිබු නය ගැනීමේ පොලී අනුපාතය 12.5% ට ඉහල යාම නිසා පෙබරවාරි මාසයේ 27 සිට මාර්තු මාසයේ 26 දක්වා යහපාලන රජය ණයටගත් රුපියල් බිලියන් 251 සඳහ මෙම වැඩි පොලී අනුපාතය බලපෑම නිසා රජයට වූ අලාබය රුපියල් බිලියන 41කි. මේ එක මාසයක් තුලය. අවුරුද්දක් තුල සිදුවන පාඩුව බිලියන 492 ඉක්මවනු ඇත.හොරකම් කරපු බිලියන 11ට මෙම 492 ට එකතු කලවිට රුපියල් බිල්යන 500 ඉක්මවය්. එම මුදලින් අපිට කොතරම් සංවර්දනයක් කල හැකිව තිබුනාද?. කටුනායක අධිවේගී මර්ගයට ගියෙ රුපියල් බිලියන 37කි. මෙම නාස්තිය වලකා ගත්තානම අපිට එවැනි පාරවල් 13ක් සෑදීමට පුලුවන්කම තිබුනි. හම්බන්තොට වරාය හදන්නට ගියේ රුපියල් බිලියන 46කි.මෙම නාස්තිය වලකා ගත්තානම අපිට එවැනි වරායවල් 10ක් සෑදීමට පුලුවන්කම තිබුනි.මත්තල ගුවන් තොටුපල හඩන්නට ගියෙ රුපියල් බිලියන 27කි. මෙම නාස්තිය වලකා ගත්තානම අපිට එවැනි ගුවන්තොටුපොලවල් 18ක් සෑදීමට පුලුවන්කම තිබුනි.

දැන් පෙනෙවා නේද ගනිතය බැරිකම නිසා අහුවෙච්ච අහුවිල්ල. ඉතින් තමන්ගේ දරුවන්ටවත් හරියට ගනිතය ඉගන ගන්නට කීවොත් අනාගතයේ දෙකට බෙදුනු ලංකාවේ අපේ පැත්තටවත් නායකයො පත්කරන කොට දේශපාලකයො කියන ගනන් හිලව් හරියට තේරුම් අරන් ඡන්දෙ දෙන්න උන්ටහරි පුලුවන් වෙයි.

LNW විශේෂ ලියුම්කරු


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top