LNN SPY

චන්ද්‍රිකා අගමැති අපේක්ෂකත්වයට! ශ්‍රිලනිපය දෙකඩ කිරිමේ කොන්ත්‍රාත්තුව CBK භාරගනී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්පුර්ණයෙන්ම විනාශයට පත්කර අන්තිමට තමන්ගේ මව පවා පාවාදි රටෙන් පැන ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලග එන මහා මැතිවරණයේදි අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට පසුගියදා ඇමතිකම් අරගෙන මෛත්‍රීගේ සභාග ආණ්ඩුවේ වන්දනාවේ ගිය කණ්ඩායමක් සුදානම් වන බව වාර්තා වේ.

මෛත්‍රී-චන්ද්‍රිකා-පාඨ්ලී-රාජිත කුමන්ත්‍රණයක! යනුවෙන් පසුගියදා අප අනවරණය කල පරිදි මෙම මෙහෙයුමද ක්‍රියාත්මක වෙමින් තිබේ.ඒ හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමත් එම දෙකඩ කිරිම හරහා එක්සත් ජාතික පක්ෂයට රටේ බලය අල්ලා ගැනිමට ඉඩ ලබාදිමට සුදානමින් සිටින බව වාර්තා වේ.

2002 වසරේදී විධායක ජනාධිපති බලතල තිබියදිත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ව සිටියදි මේ රට දෙකඩ කිරිම සදහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රභාකරන් සමඟ ගිවිසුම් අස්සන් කරන්නට ඉඩදි බලසිටියෙකු මෙන්ම විධායක ජනාධිපති බලය සහිතව වසර 12 ක් රට පාලනය කළ චන්ද්‍රිකා රට විනාශයට පත්කල අයුරු කඩේ යන ශ්‍රිලනිප කිහිප දෙනෙකුට අමතක වුවද රටේ බහුතර ජනතාවටනම් අමතක නැත.

ඇය අද කරන්නේ මොනවාද කියා ඇයම දන්නේ නැහැ. ඇය විධායක ජනාධිපතිනිය ලෙස රටට මොනවද කළේ. විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටට මොනවද කළේ කියා ජනතාව කල්පනා කළ යුතුයි. එතැනදී ජනතාවට පෙනී යනවා රටේ ජනතාව වෙනුවෙන් යුද ජයග්‍රහණය නැමැති වටිනාම ත්‍යාගයත්, ජනතාවගේ ආර්ථික හා සමාජීය දියුණුවට එතුමා කළ ව්‍යාපෘතිවල අද දියුණුවත් කෙබඳුද කියා. මෙසේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කරන, ජනතා විශ්වාසය දිනා සිටින නායකයා ඉවත් කරන්න කියන අයකු වේ නම් ඔහු හෝ ඇය දේශද්‍රෝහියෙක්. චන්ද්‍රිකා රඟපාන්නේත් ඒ භූමිකාවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top