Political

අවනීතිය රජයන අවදානම් යුගයකට අප වේගයෙන් පා නගමින් සිටිමු

පසුගිය 17ත් වෙනිදා පාර්ලිමෙන්ත්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහ බැංකු ඉතිහාසයේ විශාලතම මුල්‍ය අක්‍රමිකතාවට චෝදනා ලබා සිටින සිය ගජ මිතුරු සිංගපූරු පුරවැසි අර්ජුන මහෙන්ද්‍රන්ට සුදුහුනු ගෑමේ ප්‍රයත්නයක යෙදුනි. මෙම ප්‍රකාශය තුල අදාල චෝදනාවට පිලිතුරු දෙනවා වෙනුවට රනිල් වැඩි කාලයක් ගතකලේ පාර්ලිමේන්තු වරස්ප්‍රසාද වලට මුවාවී විරුද්ද පක්ෂයට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසකට මඩ ගැසීමටය.

මෙම ප්‍රකාශය කරන අතර බැඳුම් ණයකර වෙළඳපොල ගැන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දන්නේ මොනවාදැය් රනිල් සමච්චල් කලේ බැඳුම් ණයකර වංචාවට චොදනා ලබා සිටින අර්ජුන මහෙන්ද්‍රන් ගැන ප්‍රකාශ නිකුත් කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුදුසුකමක් නැතිබව කියන්නටය. බැඳුම් ණයකර වෙළඳපොල ගැන තමුනුත් නොදන්නාබව රනිල් මේ කතාවේදී පැහැදිලිව කිව්වේ මහෙන්ද්‍රන් බේරා ගන්නටය.

එසේ නම් අපි පහත දැක්වෙන සරල ප්‍රශ්නය රනිල්ගෙන් අසමු. බැඳුම් ණයකර අක්‍රමිකතා ගැන කතා කරන්නට තමා නොදන්නා බව පිලිගත් එම කතාව තුලම විවිද පුද්ගලයන්ගේ නම් කියමින් කොටස් වෙළඳපොල අක්‍රමිකතාගැන අභූත චොදන කිරීමට කොටස් වෙළඳ පොල හා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා රෙගුලාසි ගැන රනිල්ට ඇති දැනුම කුමක්ද ?

මෙම විශය පිලිබඳ රනිල්ගේ නොදැනුවත්කම කොටස් වෙළඳපොල අක්‍රමිකතාගැන ඔහු කල පහත දැක්වෙන ප්‍රකාශයන්ගෙන් ඉතා පැහදිලිව ඔප්පුවෙය්.

පසුගිය කාලයේ කොටස් වෙළඳපොල අක්‍රමිකතා රැසක් සුරකුම්පත් හා විනිමය කොමිසන් සබාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් කුඩා එවාට දඩ ගසා තිබෙනවා. විශාල චෝදනා 13ක් සාක්කි මදිකම නිසා අතහැර දමා තිබෙනවා. මේවා තවදුරටත් පරීක්ෂා කර යුතුව තිබුනා.

මම සුරැකුම්පත් හා විනිමය සබාවට නියෝග කලා මෙම පරීක්ෂණ නැවත ආරම්බ කරන්න කියා. එවාට දඩුවම් දෙන්නට තිබෙන නීති ප්‍රමානවත් නැත්නම් අලුතෙන් නීති මම හදනවා.

මෙයින් පෙනෙන්නේ රනිල්ගේ නොදනුවත් කම පමනක් නොව විරුද්දවාදීන් දඩයම් කිරීමට රටේ නීතිය පවා වෙනස් කිරීමට නොපැකිලෙන බල වියරුවය.

ශ්‍රි ලංකා කොටස් වෙළඳපොල පාලනය වන්නේ 1987 අංක 36 දරන 1991,2003, 2009 වසර වල සංශෝදනය කරනලද සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා පනතෙනුය්. ඒ අනුව දඩුවම් කල හැකි වැරදි ඉතා පැහැදිලිව නම් කර තිබෙනවා. අයෙක් යම් චෝදනාවක් කල පමනින් තවත් අයෙකු වරදකරු කල නොහැකිය්. එය නීතිය පිලිගන්නා වරදක් විය යුතුය්. මෙය කොටස් වෙළඳ පොලට පමනක් නොව මුලු මහත් ශීලචාර ලෝකයම පිලිගන්නා සිද්ධාන්තයක්. එසේ නොවන්නේ කැලෑ නීතිය පවතින අන්තවාදීන් පාලනය කරන රටවලය.

ඉතින් මේ රනිල් කියන්නේ චුදිතයා දේශපාලන විරුද්දවාදියෙකුනම් හා රටේ පවතින නීතියට අනුව ඔහු වරදක් කර නැත්නම් එම පුද්ගලයාට කෙසේ හෝ දඩුවම් දීමට තමන් නව නීති සකස් කරන්නට බලාපොරොත්තු වන බවය. මේ අනුව අපේ රට යමින් පවතින්නේ මොනතරම් බියකරු අඳුරු යුගයකටදැය් මේ රටේ පුරවැසියන් තෙරුම් ගත යුතුය.

1987 අංක 36 දරන 1991,2003, 2009 වසර වල සංශෝදනය කරනලද සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා පනත ක්‍රියාත්මක වන්නේ අපරාධ නීතිය යටතෙය්. අපරාධ නීතියට අනුව දඩුවම් දිය හැක්කේ යම් වරදක් කිසිදු සැකයකින් තොරව ඔප්පු වුනොත් පමනය්. ලංකාවේ අධිකරණවල වසරකට අපරාධ නඩු තීන්දු ගනනාවකින් චූදිතයන් නිදහස් වන්නේ ඔප්පු කල හැකි සාක්කි නැති නිසාය්. ලංකාවේ කොටස් වෙළඳපොල දැන් වසර 30කටත් වඩා පැරනි අතර 1987 සිට සාක්කි නැතුව අතහර දැමූ චෝදනා ඕනෑතරම් තිබෙන්නට ඇත. පෙත්සම් ගැසීම ලංකාවේ සංස්කෘතිය තුල ප්‍රබල අංගයක් බැවින් චෝදනාවක් නැති අයෙක් සොයාගනීම ඉතා අසීරු කරුණකි. ඉතින් මේ රනිල්ගේ විරුද්ද වාදීන් කිහිපදෙනෙකුට පමනක් වෙනස් නීතියක් ඇයි ?

රනිල් නොදන්නවා උනාට සුරකුම්පත් හා විනිමය කොමිසන් සබාව තුල චෝදනාවක් පිලිබඳ අධ්‍යයනය කරන පිලිගත් පටිපටියක් ඇත.

පලමුවෙනම් කෙරෙන්නෙ චොන්දනවා ගැන කාර්ය මන්ඩල සමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් අධ්‍යයනය කරනු ලැබේ. දෙවනුව එම කමිටුවේ වාර්තාව කොමිසන් සබා සමාජිකයන්ට ඉදිරිපත් කරනු ලැබේ. මෙය වැඩිදුරටන් පරීක්ෂනයට ලක් කල යුතුයැය් කොමිසන් සබා සමාජිකයන් තීරනය කලහොත් එය පරීක්ෂණ්ය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පලපුරුද්ද ඇති වෙනම දෙපාර්තුමේන්තුවකට බාර වේ. මෙම දෙපාර්තුමෙන්තුවේ වාර්තාව තවත් කාර්ය මන්ඩල කමිටුවකින් වැඩිදුරත් සාකච්චා කොට ඔවුන්ගෙ අදහසුත් සමග නැවත කොමිසන් සබා සාමාජිකයන්ට යොමු කරණු ලැබේ. බොහෝ අවස්තාවල අවසාන නිගමනයට එන්නට පෙර එම වාර්තාව හා අදාල සාක්ෂි කොමිසම මගින් නීතිපති දෙපාර්තුමෙන්තුවට යොමු කොට නීති උපදෙස් ගනු ලැබේ. අදාල චෝදනාවට දඩුවම් කිරීම හෝ නොකීරීම මෙන්ම කවර දඩුවමක් දෙන්නේද යන්න තීරනය වන්නේ බොහෝ පිරිසකගේ දායකත්වයෙන් වන මෙම ක්‍රියාවලිය තුලය.

1987 සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා පනත සම්මත වු දා සිට පවතින ක්‍රියාදාමයට පටහැනිව සිතුමතයේ තමුන් අකමැති ආයොජකයන්ට හිරිහැර කරන්නට තම බලතල යොදාගත්තේ එක් සබාපතිවරයෙකු පමනි. ඒ 2011-2012 කොටස් වෙළඳ පොළ කඩාවැටීමේ නිර්මාතෘ වන තිලක් කරුනාරත්නය.

යහපාලනය යටතේ නැවතත් වරක් මෙම පුද්ගලයා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබාපති ලෙස රනිල් විසින් පත්කරන ලදී. අද කොටස් වෙළඳ පොල හා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා රෙගුලාසි ගැන මෙලෝ දෙයක් නොදන්නා රනිල්ට අවවාද කරන්නේ කොටස් වෙළඳ පොල හා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා රෙගුලාසි ගැන මෙලෝ දෙයක් නොදන්නා තිලක් කරුනාරත්නය්. මෙම විශය ගැන රනිල්ගේ නියොජ්‍ය ඇමති මහ බැංකුවට හා කොටස් වෙළඳපොලට විරුද්දව ඒ කාලයේ උගුර ලේ රහ වෙන කන් කෑ ගැසු අද තම ආන්ඩුව යටතෙ එම ආයතන ඇත්තටම කඩාවැටෙනු දැක දත කත පූට්ටු වී සිටින හර්ෂ ඩි සිල්වාය.

අවනීතිය රජයන අවදානම් යුගයකට අප වේගයෙන් පා නගමින් සිටිමු.

විශේෂ ලියුම්කරු

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top