LNN SPY

අලුත් අවුරුද්දේ අක්කර 567ක් බිල්ලට

යහපාලනය ආරම්භ වු දා සිටම රටේ ජනතාවට පස්ස පෙන්වා බෙදුම්වාදීන් සංතෝෂ කල මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුද්දට බෙදුම්වාදීන් සතුටු කිරිම සදහා අවුරුදු තැගි ලෙස රටේ කොටස් කිහිප්‍යක් බෙදාදීමට සුදානම් බව වාර්තා වේ.

යාපනය වලිගාමම් උතුරු ප්‍රදේශයේ, නිදහස් කරන බවට පොරොන්දු වූ ඉඩම් අක්කර 1000 න් ඉතිරි කොටස එනම් අක්කර 567 ක භූමි ප්‍රමාණයක් අප්‍රියෙල් 14 සිංහල – දෙමළ අළුත් අවුරුදු දින නිදහස් කිරීම සඳහා වන කටයුතු ලහි ලහියේ සිදුවේ. 

යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් 2015.04.04 දින එම ප්‍රදේශයට ගොස් තත්වය සම්බන්ධයෙන් සොයා බලා තිබේ.

එයට පෙර මෙම ප්‍රදේශය බිම් බෝම්බ නොමැති ප්‍රදේශයක් බව නිල වශයෙන් නිවේදනය කිරීමට හමුදාව එම ප්‍රදේශ පරික්‍ෂා කර ඇත. මේ පිළිබඳ තහවුරු කිරීමේ ලිපියක් 2015.04.07 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදීමට නියමිතය.

වලිගාමම් උතුර ප්‍රදේශයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 6500 න් අක්කර අක්කර 400 ක් පසුගිය 23 වන දින ජනාධිපතිවරයා විසින් නිදහස් කරන ලදි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top