මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ ඉඩමක විහාරස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වා පසුගිය 5වන එම ස්ථානයේ කලබලකාරි තත්ත්වයක් ඇති කර පසුව උපවාසයක නිරතවී සිටි තිදෙනෙකු  මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව අප පසුගියදා අනාවරණය කළා.අදාළ පුවත – (ඊළාම් බිමේ පන්සල් බෑ – මුලතිව් කොක්කුලායි පන්සල ඉදිකිරිම අතරමග නවති)

මේ අතර මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විහාරස්ථානයක් ඉදිකිරීමට උත්සාහ කරණ බවත් වාහාම උතුරු පළාතේ විහාරස්ථාන ඉදිකිරිම නතර කරන ලෙසත්  පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන තිදෙනා වෙත  පැමිණිළි කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ලබන සතියේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවාරයේදී මේ සම්බන්ධයෙන් කතා කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ප්‍රකාශ කර ඇත.

“මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක විහාරස්ථානයක් ඉදිකිරීමට එරෙහිව 2015.06.05 වන දින ජනතාව විසින් උද්ඝෝෂණයක් පැවැත්වූ අවස්ථාවේදී, පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන, ඉන් අනතුරුව නිදහස් කර ඇත. පසුගිය මහින්ද රාජපක්‍ෂගේ රජය යටතේ මෙවැනි උත්සාහයන් විශාල වශයෙන් සිදුවී ඇති බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව මහින්ද රාජපක්ෂට සහය දෙන මන්ත්‍රිවරුන්ගේ අත්සනින් යුතුව භාරදිමට යන විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ රජයේ කැබිනට් ඇමතිවරුන් (එජාප කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් නම් සදහන් නොකර සිටිමු)ඇතුලු 9 දෙනෙකු අත්සන් කිරිමත් සමග එජාප අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබෙන බව වාර්තා වේ.

එජාප අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ රවී කරුණානයක සමග කාලයක සිට තිබුනු ගැටුමක ප්‍රථිපලයක් ලෙස මෙම අත්සන් තැබිමට එජාප කණ්ඩායම තිරණයි කර ඇති බවයි.මේ අතර සජිත් පිළේ අනපෙක්ෂිත නැගිටිම හෙතුවෙන් රනිල් වික්‍රමසිංහ යලිත් අර්බුදයකට මුහුණ දි සිටින බවද ඔහු සදහන් කළා.මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලක සජිත් පිළේ ප්‍රභලයෙකු වන අතර මේ වන විට ඉතා සියුම්ව රනිල්,රවී,දයා ඇතුලු රනිල් කල්ලියට එරෙහිව දිය යට ගිණි සෙල්ලමක් ආරම්භ කර තිබේ. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ ඇතුලු 4 වන ඊළාම් යුද්ධය අවසන් කිරිමට දායකත්වය නාවික,ගුවන් දුන් හමුදාපති ඇතුලු රණවිරුවන් වරදාකරයන් කරමින් ‘තමිලිනි’ යන කෙටි චිත්‍රපටය, ලබන 18 වැනිදා උතුරේ සියලුම පාසල් ඇතුලු රාජ්‍ය ආයතන වන ප්‍රදර්ශනය කිරිම අනිවාර්‍ය කර තිබේ. 

පී.නෙදුමාරන් විසින් දෙවන නිර්මාණය ලෙස, දෙමළ ඊළාම් මාතෘ භූමියේ සිදුවූ දෙමළ ජාති ඝාතනයේ සාක්‍ෂියක් ‘තමිලිනි’ යන කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබෙන් අතර එය මංගල ප්‍රදර්ශණය 18 වැනිදා තමිල්නාඩුවේ තංජෙයි විලාර් වීදියේ පිහිටා ඇති මුල්ලිවායික්කාල් අනුස්මරණ පරිශ්‍රයේදී ප්‍රදර්ශණය කෙරේ.ඊට සමගාමිව එදිනම උතුරේද මෙය ප්‍රදර්ශණය කිරිමට නියමිතයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

තමන්ට නොමැති බිම් මට්ටමේ බලය ලබා ගැනීම සඳහා පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයකට යටත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යමපාලන ආණ්ඩුව ගෙන යන කුමන්ත්‍රණය පරාජය කරන බව පලාත් පාලන මන්ත්‍රි එකමුතුව කියයි.

කිසිදිනක රටේ ජනතා ප්‍රසාදයෙන් අගමැති විමට නොහැකි බෙදුම්වාදී රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා,මෛත්‍රී වැනි කුජීත නායකයන් රටේ බලය පවත්වා ගැනිමේ බල ලෝභීන් කවර ආකරයේ කුමන්ත්‍රණය වල නියැලුනද රට ආදරය කරන බහුතර ජනයා හැමදාමත් රට දිනවිමට සුදානම් බව පලාත් පාලන මන්ත්‍රි එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් මහ නගර සභා මන්ත්‍රිවරයෙකු LNW පුවත් සේවයට සදහන් කළා.

බලහත්කාරයෙන් රටේ බලය අල්ලා ගත්තද අදටත් මේ රටේ නියම නායකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පමණක් බව මුලු රටේම ජනයා මෙන්ම ග්‍රාමිය ජනයා පිලිගෙන අවසන් බවයි  ඔහු සදහන් කළේ.

ලබන 15 වැනිදා පළාත් පාලන ආයතන රනිල්ගේ නිලධාරි බලයට යටත් කිරිමට එරෙහිව සැම පළාත් ආයතනයක කළු කොඩි ඔසවා සහ සියලුම විදි පහන් නිවා දමා විරෝධතාවය දක්වන බවද ඔහු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

හෙට අනිද්දා පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට සූදානමක් වෙයි. බොහෝ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී ඇති අතර තවත් කිහිපයක නිල කාලය මාස කිහිපයකින් නිම වෙයි. මේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ග තුනක් වෙයි. පළමුවෙන් ම පළාත් පාලන ආයතන විසූරුවා හැර ඒ වෙනුවෙන් මැතිවරණ වහාම පැවැත්වීම ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව කළ යුතු යහපත් ම කාර්යය එය ය. එමගින් පළාත් පාලන ආයතනවලට තම නියෝජිතයන් පත්කර ගැනීමේ අයිතිය ජනතාවට හිමිවෙයි. 

දෙවනුව කළ හැක්කේ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දිර්ඝ කිරීම ය. එමගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පහරක් එල්ල වේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එසේ වුවත් ඒ සඳහා අණ පනත් යටතේ අවසර තිබීමත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ජනතාව විසින් පත්කරනු ලැබ තිබීමත් හේතුවෙන් එසේ කාලය දීර්ඝ කිරීම යම් ආකාරයකට යුක්ති යුක්ත කළ හැකි ය. අනෙක් අතට මහා මැතිවරණ සූදානමක් ඇති බැවින් හා එසේ මහා මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ජනාධිපතිට හා අගමැති යන විධායක බලතල හවුල් කරුවන්ට තිබේ නම් මහා මැතිවරණයක් සමග පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම අවුලකට තුඩු දිය හැකි බැවින්, පළාත් සභා මැතිවරණ අවුරුද්කින් කල් දමා තිබෙන පළාත් පාලන ආයතන එලෙස ම පවත්වාගෙන යෑම රටට හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර නොවන බව ජනතාවට එත්තු ගැන්වීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත. 

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති තුන්වැනි විකල්පය ඒ ආයතන විසුරුවා හැර ලේකම්වරුන් යටතට පත් කිරීම ය. ඒ සඳහා ද විධිවිධාන ඇති නමුත් එය කිසි ආකාරයකින්වත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව හැකි නො වේ.  ලේකම්වරු කිසිම අර්ථනිරූපණයක් අනුව ජනතා නියෝජිතයෝ නො වෙති. ඔවුහු වැටුප් ලබන රජයේ සේවකයෝ පමණක් ම වෙති. එවැන්නන් යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීමට පික්පොකට් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කිනම් ප්‍රජාතන්ත්‍රවාදයකට එකඟ ව ද? 

අද පළාත් පාලන ආයතනවලින් අති විශාල ප්‍රමාණයක් ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකින් සමන්විත වන බව කවුරුත් පාහේ දනිති. එමෙන් ම පළාත් පාලන ආයතන සඳහා මේ මොහොතේ මැතිවරණ පැවැත්වුවහොත් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ජයග්‍රහණය කරන බව රනිල් වික්‍රමසිංහ මෙන් ම මෛත්‍රිපාල සිරිසේන ද දනියි. ඔවුන් දෙදෙනාගේ ම පොදු අපේක්‍ෂාව මහින්ද රාජපක්‍ෂ නැත්තට ම නැති කිරීම ය. ඒ සඳහා ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගයකට එළඹීමට ද ඔවුන්ට ලජ්ජාවක් හෝ බියක් හෝ නැත.සමස්තයක් ලෙස පළාත් පාලන ආයතන මහින්ද රාජපක්‍ෂ වටා ඇති බැවින් ජනාධිපති අගමැති විධායක යුවළ පළාත් පාලන ආයතන ලේකම්වරුන් යටතට පත්කර මහින්ද රාජපක්‍ෂ දුර්වල කිරීමට කටයුතු කරන බව පැහැදිලි ය. 

අද මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ හා බටහිරයන්ට හා ඉන්දීයයන්ට අවශ්‍ය ආකාරයට මිස අඩුම තරමෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ තම කණ්ඩායමට අවශ්‍ය ආකාරයටවත් නොවන බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ බහුතරය බවට පත්වී ඇති මහින්ද කණ්ඩායමට අද පළාත් පාලන ආයතනවල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිය රැක ගැනීමට ද ඉදිර්පත් වීමට සිදු වී ඇත. එසේ කිරීමේ දී පෙනී යන ප්‍රධාන කරුණක් නම් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයට ම බාධාවක් වී ඇති බව ය. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා සභාපති වුව ද පක්‍ෂය රැකීමට වෙනුවට දුර්වල කිරීමට වෙහෙසෙයි. ඔහු කියන්නේ එකකි. කරන්නේ තවත් එකකි. ඔහු අඩුම තරමෙන් පක්‍ෂයේ සභාපතිත්වයෙන් ඉවත් කිරීම ශ්‍රී ල නි පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ  මූලික වගකීමක් බවට පත් වී ඇත.    

නලින් ද සිල්වා 


2015 මැයි 10

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

අපි 2015 අලුත් අවුරුද්ද සමරන්නේ ජාතියේ අනාගතය නැවතත් අවිනිශ්චිතව තිබෙන අඳුරු සමයකය. 67 දහසක් ශ්‍රි ලාංකිකයන් දිවි දුන් 30 අවුරුදු කුරිරු ත්‍රස්තවාදී යුද්දය අවසන් කොට රට සාමකාමීව ඉදිරියට ගියේ වසර 4ක් පමනි. බටහිර තනුවට නටන මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා රූකඩ ආන්ඩුව ඉතා අදූරදර්ශී ලෙස නැවතත් ජාතිවාදයට හිස ඔසවන්නට පාර කපමින් සිටී.

මහින්දා රාජපක්ෂ්ගේත් ඔහුගේ පවුලේ අයගේත් බොහෝ වැරදී  තිබුනි. අද මහින්ද පවා ඒ බව ප්‍රසිද්දියේ පිලිගනියි. හංසයාට ඡන්දය දුන් බොහෝ අය සිතුවේ තමන් රාජපක්ෂ් පවුලේ දූෂන වලට ඔවුන්ට දඩුවම් කලා කියාය. දේශපාලනය මතුපිටින් පෙනේනවාට වඩා බොහෝ සංකීර්න දෙයක් බවත් 2015 ජනවාරි 8 දා තමන් නැටුවේ බටහිර තනුවකට බවත් මේ අහිංසක ඡන්දදායකයෝ වැඩිදෙනෙකු අදත් නොදනිති.

ලංකාවේ බූගෝලීය පිහිටීම අනුව එය අන්තර් ජාතික දෙශපාලනයේ ඉතා වැදගත් කේන්ද්‍රීය ස්ථානයකි.  ඉන්දියන් සාගරයේ හරි මැද පිහිටා නැගෙනහිරත් බටහිරත් වෙන් කරන ලංකාව සුපිරි බලවතුන් අතර් ඇතිවියහැකි අනාගත අර්බූදයකදී යුදමය වශයෙන් ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් වනු ඇත. ඒ නිසා ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවරව තබා ගැනීම බටහිරට මෙන්ම ඉන්දියාවටද එකසේ වැදගත් වන්නේ ස්ථාවර රජයක් ලංකාවේ පවතුනොත් එය ස්වාධීනව කල්පනාකොට තමුන්ට කිසි දිනෙක අවංකව උදව් නොකල ඉන්දියාව හෝ බටහිර රටවල් වෙනුවට තමුන්ට උපකාර කිරීමට නොපැකිලෙන චීනයට හා රුසියාවට නැබුරු වීමේ ප්‍රවණතාවයක් ඇති නිසාය. අස්ථාවර රජයක් සැමවිටම ඉන්දියාව  හා බටහිර රටවල්    වල ප්‍රාණ ඇපකරුවෙකු බව ඔවුහු හොඳින් දනිති.

රාජපක්ෂ ලංකාවේ මින් පෙර සිටි කිසිදු නායකයෙක් ගැනීමට බිය වූ එඩිතර තීරණයක් ගත්තේය. ඔහු සම්ප්‍රදාය බිඳ ඉන්දියාව  හා බටහිර රටවල් වල ප්‍රාණ ඇපකරුවෙකු  නොවී ලොකයේ රුසියාව චීනය මැදපෙරදිග වැනි ලෝකයේ  නැගී එන බලවතුන් සමඟ වෙළඳ හා ආර්ථික සම්බන්දතා ආරම්බ කරන්නට විය. බටහිරින් දෙනවාට වඩා ඉතා අඩු පොලියට චීනයෙන් ණයගෙන අති විශාල සංවර්ධන වැඩපිලිවෙලවල් ඇරබීය.යටිතල පහසුකම්වල සිදුවූ විශාල පුනරෝදයේ සැබෑ ආර්ථික ප්‍රතිපල තව වසර කිහිපයකින් රටට එනවිට දකුන මෙන්ම උතුරද, බටහිර මෙන්ම නැගෙනහිරද දියුනුවී මේ රටේ ජාතිවාදී ප්‍රශ්නය පිටුපස තිබෙන සැබෑ ගැටලුව වන දරිද්‍රතාවය මේ රටින් ක්‍රම ක්‍රමයෙන් දුරුවන බවට ලකුනු පහල වන්නට විය.

මෙය ලංකාවේ අස්ථාවරත්වය සැමවිටම අපේක්ෂා කරන බටහිර බලවතුන්ට හා ඉන්දියාවට හිතකර තත්වයක් නොවීය. රාජපක්ෂව වහාම බලයෙන් පහ නොකොරොත් වැඩි කලක් යන්නට පෙර ලංකාව ආර්ථික වශයෙන් හිස ඔසවන බවත් එයින් පසු තවදුරටත් තම නව යටත්විජිතවාදී න්‍යාය පත්‍රය ලංකාව තුල ක්‍රියාත්මක් කිරීමට නොහැකි වන බවත් අපේ සම්ප්‍රදයික ස්වාමියෝ  තේරුම් ගත්තහ. ඒ නිසා එන්ගලන්තයේ ජීවත්වූ චන්ද්‍රිකාට කොත්‍රාත්තුවක් දී ලංකාවට එවා  උපන්දා සිට බටහිර ගැත්තෙක් වන රනිල් බලයට ගෙන එමට අන්තර්ජාතික කුමන්ත්‍රනයක් දියත් උනේ ඒ නිසාය.

අන්තර්ජාතික කුමන්ත්‍රනය සිදුවූයේ  පියවර ගනනාවකින් ඉතාමත් සැලසුම්ගත ආකාරයටය. ජනාධිපතිවරනයකදී සුලු ජාතික චන්ද ඉතා වැදගත් බව හොඳින් වටහාගත් මොවුන් වසර දෙකක් පමන කෙටි කාලයක් තුල මහින්දව සුලු ජාතීන්ට එපා කරවීමේ කොන්ත්‍රාත්තුව දුන්නේ බොදුබල සේනාවටය, එයට  සමගාමීව  රාවන බලය හා තවත් අන්තවාදී ආගමික බලවේග කිහිපයක්ම ඉස්මතු වුයේ හතු පිපෙන්නාක් මෙනි. අනිවාර්‍යයෙන්ම පිටරට මුදලින් යැපුනු මෙම සංවිධාන ඉවක් බවක් නැතුව මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමිකයන්ට තර්ජනය කරන්නටත් ඔවුන්ගේ ආගමික ස්ථාන වලට පහර දෙන්නටත් පටන් ගත්තහ. සිය වසර  50 කට කිට්ටු දේශපාලන ජීවිතයේ හැමදාමත් පලස්තීනය ඇතුලු මුස්ලිම් රටවල් වෙනුවෙන් නොපැකිලව හඬ නැගූ මහින්දා රාජපක්ෂ් සතුරෙකු ලෙස දකින තත්වය ඔවුන් මුස්ලිම් ජනතාව තුල ඇතිකලෝය.  තම ජීවිත ආරක්ෂාව පතා මහින්දව ප්‍රතික්ෂේප් කරන තරම් බියක් දිගින් දිගටම පල්ලි වලට පහර දෙමින්, පෙලපාලි යමින්  ක්‍රිස්තියානි ආගමිකයන්තුල ඇතිකරන ලදී.

මෛත්‍රිපාල අනාගාත ජනාධිපතිවරනයක පොදු අපේක්ෂකයා බව දැන සිටියේ චන්ද්‍රිකා හා ඇය පිටුපසින් සිටි බටහිර බලවේග පමනි. පසුගිය වසර දෙක තුල එවකට සෞඛ්‍ය ඇමතිව සිටි  මෛත්‍රිපාලව ලෝකයේ හොඳම් සෞඛ්‍ය ඇමතිලෙස අරුමපුදුම සම්මානයක් පුදකෙරුන අතර ඔහුව තවත් වරක ඇමෙරිකාවේ හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට ගෙනවා තවත් හේතුරහිත සම්මානයක් පිරි නමන ලදී.ලංකාවේ ජනතාවට පෙනෙන්නටනම් මෙලෝ වැඩක් නොකල මෛත්‍රිපාලට මෙවැනි අන්තර්ජාතික සම්මාන ලැබෙන්නේ මන්දැය් අසන්නට තරම් මොලයක් රජයේ බුද්ධි අංශ වලටද නොතිබිනි. එසේ නැත්නම් බුද්ධි අංශද ඒ වන විට කුමන්ත්‍රනයට යම් දුරකට යටත් වී තිබුනා විය හැකිය.

තුන්වෙනි ඉතාමත් සැක කටයුතු වැඩ කොටස කෙරුනේ බැසිල් රාජපක්ෂ හරහාය. 2014 වසර මුලදී ජාතික සංවිධායක බවට පත්වූ බැසිල් මහින්දට 2010 තිබූ දේශපාලන යන්ත්‍රනය 2014 දෙසැම්බර් වන විට සහමුලින්ම අකර්මන්‍ය කල බවක් පෙනේන්නට තිබුනි. ඔහු චන්ද ව්‍යාපාරයට කිසිවෙකු හවුල වන්නට ඉඩ නොදී සම්පූර්න සැලැස්ම තම අතට ගත්තේය. වෙනදා ස්වෙච්චාවෙන් ජන්දා ව්‍යාපාරයට එකතුවන බොහෝ පක්ෂ හිතවතුන්ට ඉල්ලුවත් වගකීමක් බාර නොදෙන ලදී. මහින්දගේ මාද්‍ය ප්‍රචාරක කටයුතු වල කිසිදු පැහැදිලි බවක් නොතිබුනි.  ඇමති වරු මන්ත්‍රිවරු පවා කවුරු මොනවා කරනවාදැය් නොදැන තක්කු මුක්කු වී සිටිනු දක්නට ලැබුනි. සියල්ලටම වඩා සැකකටයුතු දෙය නම් බැසිල්ට ඉතා කිට්ටුවෙන් සිටි රිෂාඩ් බද්දුදීන් ඇමතිවරයා හදිසියේම මෛත්‍රී පිලට එකතුවූ ආකාරයය්. චන්දය පැරදී පහුවදාම තම පාක්ෂිකයන් අතරමන්කොට බැසිල් රාජපක්ෂ රටින් පිටවගිය ආකාරය කිසිවෙකුට අනුමත කල නොහැක.

පොදු අපෙක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයට කිසිදු ආකාරයක මුදල් අගහිඟයක් නොතිබුනි. 2010 ෆොන්සෙකාට උදව් කරන්නට ඇමෙරිකානු තනාපති කාර්‍යාලය ජේ වී පී එකේ අනුර දිසානායකට මුදල් දුන්හැට් ඊයේ පෙරේදා විජේදාස රජපක්ෂම හෙලිදරව් කල නිසා විපක්ෂයට සල්ලි වලනම් කිසිදු ප්‍රශ්නයක් මෙවර නොතිබුනේ ඇය් කියා සිතා ගන්නට එතරම් අමාරුවක් නැත.

සිංහල බෞද්ධයා චන්ද දෙපිලට කැඩෙද්දී දෙමල හා මුස්ලිම් චන්ද සියල්ලම පාහේ වැටුනේ හංසයාටය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිටරට දැනට වාසය කරන සුලු ජාතිකයන් බොහෝමයක් පැමිනීමෙන්ම ඔවුන් මෙම චන්දයට මොනතරම් පෙලගැසුනාද යන්න පැහදිලිය.

තවත් අත්භූත දෙයක්නම් දෙමල පමනක් කතාකරන උතුරු නැගනහිර සමහර ආසනවල චන්ද ප්‍රතිශතයය්. මාධ්‍ය වාර්තා කල ආකාරය හවස 4 වනවිටත්  මේවායෙන් බොහෝමයක චන්දය ප්‍රකාශකර තිබුනේ 55%-65% අතර ප්‍රමානයකි. එහෙත්  ප්‍රතිපල නිකුත්වන විට මේ සියලු චන්ද මද්‍යස්ථාන වල ප්‍රකාෂිත චන්ද 75% ඉක්මවා තිබුනු අතර එයින් 80% ට වඩා චන්ද වැටී තිබුනේ හංසයාටය.  මේ චන්ද පොලවල යම් හොර චන්ද වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වුවාදැය් සාධාරණ සැකයක් මෙයින් මතුවෙය්. එහෙම් වෙන්නේ කොහොමද මේ බූත් වල ආන්ඩු පක්ෂ නියොජිතයොත් හිටියානේද කියා යමෙකුට ඇසිය හැක. එහෙත් දෙමල පමනක් කතා කරන ප්‍රදේශවල සිදුවූ පැහැදිලිවම ඉන්දීය බුද්ධි අංශ වලට වැදගත් මැතිවරණයක මොනවා වෙන්නට බැරිද ?

ඉන්දියානු බුද්ධි අංශ නිලධාරීන් ලංකාව තුල දේශපාලන කුමන්ත්‍රනයක නිරතවී ඉන්න බව පසුගිය රජය දැනගත්තේ හොඳටම ප්‍රමාදවීය.  ආරක්ෂක අමාත්‍යන්ශ නියොගයකින් ඉන්දියානු තනාපති කාර්යාලයට සම්බන්දව සිටි ඉන්දීය බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකු දෙසැම්බර් මැද රටින් පිටකරන වෛත ඔවුන්ගේ වගකීම ඔවුන් ඉටුකොට හමාරය.

මේ සියල්ල මා ලීවේ පසුගිය ඡන්දය පිටුපස තිබෙන්නේ  හංසයාට හොඳ හිතින් ඡන්දය දුන් අති බහුතරය තෙරුම් ගත්තාට වඩා බරපතල කුමන්ත්‍රනයක් බවත් එහි ප්‍රතිපල දීර්ඝ කාලීන බවත් පහදා දෙන්නය. අපේම මිනිසුන්ගේ නොදන්නාකම නිසා රට විශාල අනතුරක්ට වැටී ඇත. අප බොහෝ දෙනෙකු මෙය ඉක්මන්නින් වටහා නොගත්තොත් මෙයින් ගොඩ ඒම නම් එතරම් පහසු නොවනු ඇත.

“සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා” කියා පරංගීන් කිවා‍යැය් ජනවහරේ කියවෙයි. අපේම මිනිසුන්ගේ නොදන්නාකම නිසා අද  රට විශාල අනතුරක්ට වැටී ඇත. උතුරේ දිගින් දිගටම හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඉන්දියාවේ හා බටහිර බලපෑම් මත බව තෙරුම් ගන්නට ලොකු මොලයක් අවශ්‍ය නැත. අමාරුවෙන් ඉවර කර ගත් ප්‍රශ්නයවසර 5-10 අතර යලි හිස ඔසවන විට ලංකාව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රනයේ ප්‍රතිපල පෙනෙනු ඇත. 19 ව්‍යවස්ථා සංශෝදනය  හරහා ජනාධිපත් බලතල අඩුකර ගත්තාට පසු උතුර නැගෙනහිර පලාත් සභා එක් කිරීම කිසිවෙකුට වලක්වන්නට නොහැකිවනු ඇත.  අප බොහෝ දෙනෙකු මෙය ඉක්මන්නින් වටහා නොගත්තොත් මෙයින් ගොඩ ඒම නම් එතරම් පහසු නොවනු ඇත.

~~විශේෂ ලියුම්කරු ~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

අප්‍රියල් 23 වැනිදා ආණ්ඩුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් බලාපොරොත්තු නොතියා වහාම මහා මැතිවරණයට සුදානම් වන ලෙසත් මැතිවරණ ක්‍රියාවලිය තුලදි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් කතාබහ නොවන අකාරයට දින 100 ආණ්ඩුව ලැබු ජයග්‍රහණයන් ගැන පමණක් කතා කරන ලෙසත් සිය අමාජිකයන්ට දැනුම් දි තිබේ.

මිට අමතරව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතාට හැරෙන්නට කෘත්‍යාධිකාරි මණ්ඩලය තුල කතා කල කිසිවක් මාධ්‍යට ප්‍රකාශ කිරිමද තහනම් කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවම වශයෙන් 2කට කැඩිම සහ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපෙක්ෂකයා විම නතර කිරිම,විමල් විරවංශ සහ අනෙකුත් කණ්ඩායම් ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කරුණු සම්බන්දයෙන් සොයා බැලිමට වෙනම කණ්ඩායමක් පත් කිරිමටද සාකච්ඡා කර තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

රට බේරාගත් නායකයන්ට මඩ ගසමින් යලිත් රට බෙදා වෙන්කිරිමේ සිමාවට රැගෙන යමින් සිටින ජනපති,අගමැති ඇතුලු සියලුම දෙනාගේ නිරුවත රටට හෙලිකිරිමට තමන් සුදානම්  බව lnw.today skype ඔස්සේ ඇමතු මහසොන් බලකාය අවධාරණය කර සිටියා.

මේ රට බෙරාගත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විවිධ මඩ හා අපවාද පතුරුවිමේ ප්‍රමුඛ හේතුව අන් කිසිවක් නොව ත්‍රස්තවාදීන් හා ජාත්‍යන්තරයට අවශ්‍ය න පරිදි මේ රට බෙදා වෙන්කිරිමට බවයි එම බලකාය සදහන් කළේ.

වත්මන් ජනාධිපතිවරයා,අගමැතිවරයා,මංගල සමරවිර,චන්ද්‍රිකා කුමාරතුංග හා රාජිත සේනාරත්න යන අය රට බෙදා වෙන්කිරිමට සිදුකල සාකච්ඡා සාක්ෂි සහිතව තම සංවිධානය සතුව පවතින බවත් ඒ සියල්ල රටේ ජනතාවට දැන ගැනිම සදහා ඉතා ඉක්මනින් හෙළිකරන බවද මහසොන් බලකාය අවධාරණය කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග දෙන්නේ විජේදාස රාජපක්ෂ. ප්‍රබල කණ්ඩායම් ආරක්ෂා කරන්න මේ අය මැදිහත් වෙනවා කියලා අපට සාක්ෂි තියෙනවා. ඇවන්ගාඩ් 

ගනුදෙනුවේ සේනාධිපතිගේ පාස්පෝර්ට් එක නවත්තගෙන හිටියා. හදිස්සියේ එයාට යන්න දුන්නේ කොහොමද? ජනාධිපති උපදේශක තිලක් මාරපන නියෝගය දුන්නා. විජේදාස 

රාජපක්ෂ ඒකට අනුමැතිය දුන්නා… යනුවෙන් ඩීල් කුමාර හෙවත් අනුර කුමාර දිසානායක කල ප්‍රකාශය අසත්‍යක් බව හෙලිවිමත් සමග අනුර කිචවි ඇති බව වාර්තා වේ.

පසුගියදා විධායක සභාව රැස්වු අවස්ථාවේ රනිල් අනුරට පට්ට ගෙමක් දි තිබේ.නිළධාරියෙකු ලවා විධායක සභාවේදි පොඩි කතාවක් යවා තිබේ. ඒ ගනුදෙනුවේ සේනාධිපතිගේ පාස්පෝර්ට් එක  හදිස්සියේ එයාට යන්න දුන්නේ ජනාධිපති උපදේශක තිලක් මාරපන දුන් නියෝගයකට අනුව  විජේදාස රාජපක්ෂ එයට අනුමැතිය දුන් බවයි.ඔනෑම අසුචි ගොඩක් වළදා එය තමන්ගේ කරගනිමින් අනුන්ට මඩ ගැසීමේ සූර හැකියාවක් ඇති අනුර මේ මඩද මාධ්‍ය සංදර්ශන පවත්වමින් ගහන්නට වීය.

මේ අතර අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා අනුර කුමාරට එරෙහිව සටනක් දියත් කර තිබේ. ඉදිරි මහ මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ බංකොලොත් බව ඒ අයට තේරෙන බැවින් ආසන කීපයක්‌ රැකගැනීමට එ.ජා.ප.යට හා ශ්‍රී.ල.නි.ප.යට ප්‍රහාර එල්ල කරන්නට ජනතා විමුක්‌ති පෙරමුණ පටන්ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය එයට ඉඩ නොදෙන බවද ඔහු සදහන් කර තිබේ.

අනුරට මේ ලනුව දි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනී.අරලියගහ මන්දිරයේ කාමරයක් වෙන්කර දි රාජපක්ෂලාට එරෙහිව විවිධ මඩ නිර්මාණය කරමින් සිටි ඩීල් කුමර හිටි හැටියේම මේ අකාරයේ ලනුවක් දිමට හේතුව වි ඇත්තේ හදිසි මහා මැතිවරණයක් පවත්වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ මර්දණය කිරිම ඇගට හොද බව එජාප ජ්‍යෙෂ්ඨයින් රනිල් වික්‍රමසිංහට පෙන්වාදිම හෙතුවෙන් බවයි අප වාර්තාකරු සදහන් කලේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

රට දෙකඩ විම නතර කළ නොහැකි ඉසව්වකට ගවපාලක මෛත්‍රී සහ පරංගින් අත රූකඩයක් වූ දොන් ජුවන් ධර්මපාල මෙන්ම දෙමළන් අත රුකඩයක් වු රනිල් වික්‍රමසිංහ රැගෙන යමින් සිටින බව දැන් තහවුරු වෙමින් තිබේ.ඊයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවට එක්වු දෙමළ ජාතික ජනතා පෙරමුණ වසර 30ක් යුද්ධයෙන් බෙදා වෙන්කල නොහැකිවු රට ගවපාලනය යතටතේ බෙදාවෙන් කිරිමට අවශ්‍ය සියලු පහසුකම් ලැබි තිබෙන බව තහවුරු කර තිබේ.

ඒ අනුව ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අපගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා අපගේ පක්‍ෂයේ කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන අපගේ ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් සෙල්වරාජා ගජේන්ද්‍රන්, මණිවන්නන්, උතුරු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු, පාක්‍ෂිකයින්,  සහභාගි වී ඇති අතර මෙම සමුළුවේදී යෝජනා 07ක් සම්මත කරගෙන තිබේ.එම යෝජනාවන්ට අනුව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කල දෙමළ මාතෘ භූමියේ දෙමළ ජාතික සභාවක් පිහිටුවා, දෙමළ ජනතාව පාලනය කරන පරිපාලන ව්‍යූහයක් පිහිටුවීමද තීරණය වී තිබේ. 

හොරකම “දූෂණ ” වංචාව පෙරට දමා යහපාලනය ගෙනෙන්නට ජනතාවට අහස් මාලිගා සැදූ ඒ චිවරධාරින් දෙදෙනා යහපාලනය ජඩපාලනය වී නැගෙනහිර බොදූ උරුමය අන්තවාදීන් අතට පත් වී බුදුන් තුන්වරක් වැඩී වසර 2600ක් ඒ අනන්ත බුදුදහමින් පෝෂනය වු මේ රටේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බුදු පිලිම නෙලීම පන්සල් සෑදිම බෙදුම්වාදි දෙමලාගේ අණින් අගමැති වසලයා තහනම් කරන කොට කැද බිවු ගොලුවන් සේ මුනිවත රැකීම පිලිකුල් සහගතය ..ජනතාව තවත් ගොනාට අන්දවන්නට සටන් පාඨ වෙනස් කරමින් සැගවෙන්නට බිත්තර කටු සොයන්නට වන දිනය වැඩි ඇතක නොවනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර නිර්මාණය වූ ගිවිසුමට ව්‍යාජ අත්සන් තබා  සකස් කර එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට ලබාදි ඇත්තේ ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාළ වී, අකර්මණ්‍ය වී ඇති බවට වහසි බස් දොඩමින් ආණ්ඩුවට කඩේ ගිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් දොඩම්ගොඩ බව අනාවරණය වි තිබේ.

පසුව තිස්ස අත්තනායක මහතා අත් අඩංගුවට පත්විමත් සමග තමන්ටත් සිරබත් කන්නට සිදුවේ යැයි සිතු දිනේෂ් දොඩම්ගොඩ මෙම ව්‍යාජ්‍ය කුමණ්ත්‍රනයට දිනපතා සිංහල පුවත්පතක කර්තෘවරයකු සම්බන්ධ බවට ප්‍රචාරයක්ද දියත් කර තිබේ. ඒ සදහා දොඩම්ගොඩට ගොඩාක් සමිප කණ්ඩායමක් උදවුකර තිබේන බවද අනාවරණය වි තිබේ.

එජාපයේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී සමගි බලවේගයේ කැඳවුම්කරු නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා නීතිඥවරයෙකු විසින් සුරැකියයුතු වෘත්තීය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් 43 වෙනි අගවිනිසුරුවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පවරනු ලැබූ ‘බොරු නඩුවේ’ ප්‍රධාන පාර්ශවය වන ජාතික සංවර්ධන බැංකුව (NDB) වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ කණිෂ්ඨ නීතිඥවරයා ලෙස පෙනී සිටි අයෙකි.

පැවැත්විමට නියමිත මහා මැතිවරණයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සබ්ජෙක්ට් කොලුවා වන අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක දිනවිම වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුල යලිත් අර්බුද ගණනාවක්ම හටගෙන තිබෙන බව වාර්තා වේ.පසුගිය සතියේ දෙනියාය,මොරවක ප්‍රදේශවල සාගල රත්නායක සංවිධානය කල මැතිවරණ රැස්විම් සහ දේශපාලන් ක්‍රියාකාරකම් සදහා  රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වි ක්‍රියාකාරිව කටයුතු කල අතර මාතර දිස්ත්‍රික්කයේ කැපිපෙනෙන්න දේශපාලන තරුවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සම්පුරණයෙන් අමතකර දමා තිබු අතර මෙම් රැස්විම් සදහා මංගල සමරවිර එකතුකරගෙන යැමට රනිල් උත්සහ දැරුවද සාගල එයට දොස්මුරය දමා තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් මේ සතිය තුල මාතර දිස්ත්‍රික්කය සංවිධානය කර තිබුනු අඩු ආදායම් ලාභී ජනතාවගේ නිවාස හා ජීවනෝපාය සංවර්ධනය ක්‍රියාවට නැංවීමේ යෝජිත දිස්ත්‍රික් වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා ක්‍රියාත්මක වැඩසටහන් සදහා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබුනද එම අවස්ථාවන්ට සහභාගි විම මංගල සමරවිරගේ බලපෑම් මත අතහැර දමා තිබේ.

පසුව බුද්ධික පතිරණගේ සහයට නිවාස හා සමෘද්ධි අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, සජිත් ප්‍රේමදාස මාතරට ගොස් තිබේ.

මේ අතර මහා මැතිවරණයට පෙර මාතර තමන්ට අහිමිවි ඇති බලය ඇල්ලිම සදහා මංගල සමරවිරද මෙහෙයුමක් දියත්කර තිබේ.ඒ සදහා හැකිතාක් මාතර ජනප්‍රියතාව දිනා සිටින  බුද්ධික පතිරණට එරෙහිව විවිධ මඩ ප්‍රචාර පැතිර විමට කණ්ඩායමක් යොදවා තිබේ.එම පිරිස මාතර ෆැන්සිස් සමරවිර මාවතේ පිහිටි මංගලගේ නිවසේ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නතරකර තිබෙන අතර බුද්ධිකගේ වැඩසටහන් ආදිය පිළිබඳව සොයා බලා එවාට ලැබෙන ප්‍රතිචාරයන් පිළිබඳව වාර්තා කිරිමට නියෝග කර තිබේ.

Top