LNN SPY

කූරගල ගිය භික්ෂුන් වහන්සේලාට යහපාලන පොලිසියෙන් මිලේඡ් ප්‍රහාරයක්(Video)

පොලිස් අණ නොතකා කූරගල ඓතිහාසික භූමියට ඇතුලුවීමට උත්සහ දැරු බව පවසමින් සිංහල රාවය සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසකට අද යහපාලන පොලිසිය මිලේඡ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.LNW  සමග අදහස් දක්වමින් එම සංවිධානයේ ස්වාමින් වහන්සේ නමක් සදහන් කළේ සිවිල් පිට පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් පළමුව සංවිධාන සමාජිකයන් සමග ගැටුමක් ඇති කර ගත් බවත් ඒ සමගම පැමිණි පොලිසිය තම සමාජිකයන්ට පහරදුන් බවයි.

පොලිස් පහරදිම් හේතුවෙන් තම් සංවිධාන සමාජිකයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවද එම හිමියන් සදහන් කළා.

මේ අතර පොලිසිය සදහන් කර ඇත්තේ අද පෙරවරුවේ සිට කූරගල ඓතිහාසික භූමියට ගමන් ගන්නා‍ මාර්ගය හරස් කරමින් සිංහළ රාවය සංවිධා‍නයේ පිරිස් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර කල බවත් එය විසුරුවාලීමට එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කල බවයි.

රටේ යහපාලන වෙනස ගැන දැන් හිතා ගන්නට පුලුවනය.ඉස්සෙල්ලාම පටන් ගත්තේ විශ්ව විද්‍යාල සිසුන්ගෙනි,අද භික්ෂුන් වහන්සේලාටය…..ඒ අනුව හෙට අනිද්දාට අනිවාර්යයෙන් කම්කරුවන් පොලිසියේ යහපාලන මසාජ් එකේ පහස ලබන්න සුදානමින් සිටිය යුතුය. 

හිරූ ප්‍රවෘත්ති ගෙන ආ වාර්තාව 




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top